web analytics
nA Archon කණ්ඩායම TM Zu පරදවා රුපියල් ලක්ෂයක මුදලක් SINGER ROG Challenge ’19 හි දිනාගනී

nA Archon කණ්ඩායම TM Zu පරදවා රුපියල් ලක්ෂයක මුදලක් SINGER ROG Challenge ’19 හි දිනාගනී

Noob Alliance Archon කණ්ඩායම SINGER ROG Challenge හි පළමු ස්ථානය ලබාගෙන රුපියල් ලක්ෂයක මුදලක් දිනාගනී. 2-1 ලකුණු ප්‍රමාණයක් ලබාගෙන Tech Morph Zu කණ්ඩායම අවසන් මහා තරඟයෙන් පරාජය කරමින් මේ ජයග්‍රහණය ලබා ඇත.

තවද දෙවන ස්ථානයට පත්  TM Zu කණ්ඩායම රුපියල් 50,000 මුදලක් දිනාගනු ලැබුවේය.

අනෙකුත් මුදල් ජයග්‍රහණ පහත පරිදි වේ : 

M-eS – iMex : Rs. 30,000
Evox – rattz : Rs. 20,000
TM – WalkTheTalk : Rs. 12,500
Evox – Krossbones : Rs. 12,500
M-eS – Team Rogue : Rs. 12,500
Team z : Rs. 12,500

ඔබට තරඟාවලියේ අස්වසන අදියරේ live stream එක පහත links වලින් බලගතහැකි වේ :

පළමු කොටස : https://www.youtube.com/watch?v=mIkF2Q8dpDI
දෙවන කොටස (අවසන් තරඟය ඇතුළුව ) : https://www.youtube.com/watch?v=05T-20c5zUA

ලංකාවේ Esports newsදැනගැනීමට අප සමග එකතුවී සිටින්න!
Stay tuned to Gamer.LK for more Sri Lankan Esports news!

නීති විරෝධී ලෙස game accounts හුවමාරු කරගත් තරඟකරුවන් කිහිප දෙනෙකුට  තරඟ තහනමක්.

නීති විරෝධී ලෙස game accounts හුවමාරු කරගත් තරඟකරුවන් කිහිප දෙනෙකුට තරඟ තහනමක්.

පසුගිය මාර්තු මාසයේ පැවති ‘Battle of the Mortal Gods’ – DOTA 2 online Ranked තරඟාවලියේ තරඟ නීති උල්ලංගනය කරමින් game accounts හුවමාරු කරගත් තරඟකරුවන් 5ක් සහ ඔක්තෝම්බර් මාසයේ පැවති ‘GCLL Season 4’ – online League of Legends Ranked තරඟාවලියේ game accounts හුවමාරු කරගත් එක් අයෙකු සහ එය වැලක්වීමට උත්සහ නොගත් තවත් තරඟකරුවන් 4ක් සඳහා Sri Lanka Esports Association එක මගින්  තරඟ තහනමක් පනවා ඇත.

මෙලෙස ‘Battle of the Mortal Gods’ හිදී අවුරුද්දක තරඟ තනහමට ලක්වුණු තරඟකරුවන්ගේ  විස්තර පහත දැක්වේ : 

Team name: DeP – Team Singularity

Team members: 

Ishan Subode – Carl : අවුරුද්දක තරඟ තනහමක් 
Dilshan Pramode – [R]eclusion† : අවුරුද්දක තරඟ තනහමක් 
Ashan Perera – Ace : අවුරුද්දක තරඟ තනහමක් 
Hirushan Ranawaka – Monto : අවුරුද්දක තරඟ තනහමක් 
Kavindu Lakshitha – GateOfHeaven : අවුරුද්දක තරඟ තනහමක් 

තවද ‘GCLL Season 4’ හිදී අවුරුද්දක තරඟ තහනමට ලක්වූ තරඟකරුවා සහ මාස 6ක තරඟ තනහමට ලක්වුණු තරඟකරුවන්ගේ  විස්තර පහත දැක්වේ : 

 

Team name: PnX – Griomoire Heart

Don Jehan Jayamaha – Jehan XD : අවුරුද්දක තරඟ තනහමක් 

Harivarshan Selvarajah – TheUnseeenBlade : මාස 6ක තරඟ තනහමක් 
Chachi Chathurka – Havi 165cm 52kg : මාස 6ක තරඟ තනහමක් 
Kavinash Ravishka – Sharingan user : මාස 6ක තරඟ තනහමක් 
Waleeth Ahmed – Deathly Lee : මාස 6ක තරඟ තනහමක් 

මෙලෙස තරඟ තහනමට ලක්වූ අයට එම තරඟ තහනම් කාලය තුල Sri Lanka Esports Association හෝ Gamer.LK මගින් සංවිධානය කරන කිසිඳු තරඟාවලියකට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත. 

දැනට තරඟ තහනම් ලද සියලු තරඟකරුවන් මෙතැනින් : https://gamer.lk/blacklist/

ශ්‍රී ලංකා නාමය නැවතත් International PUBG Mobile තරඟාවලියක අවසන් වටයට

ශ්‍රී ලංකා නාමය නැවතත් International PUBG Mobile තරඟාවලියක අවසන් වටයට

ලංකාවේ Noob Alliance FRag කණ්ඩායම මාලදිවයින, මොන්ගෝලියාව සහ ඉන්දියාව යන රටවල කණ්ඩායම් 125ක් අතරින් මාලදිවයිනේ E2S Gaming සංවිධානය කරපු E2S PUBGM Challengers Cup එකේ අවසාන වටයට ඒමට සමත් උනා. අවසන් වටය නොවෙම්බර් මස 5 වන දින පැවැත්වේ. 

අපි Team FRag එකේ ආදිල් හෆීස් ගෙන් මේ ජයග්‍රහණය ගැන විමසා සිටියා : 

E2S Challengers cup වගේ ලොකු තරඟාවලියකට සහභාගීවීම අපේ සිහින සැබෑ වීමක්. අපි මේ අද ඉන්න තැනට අවේ ගොඩක් බාදක එක්ක. අපිට ලොකූ ආඩම්බරයක් මේ තරඟාවලියේ ලංකාව නියෝජනය කරන එකම team එක අපි වීම. ඒක නිසා අපේ ලංකාවට මේ අභිමානය අරගෙන එන්න උත්සහ කරනවා. අවසන් වටයට එන්න පුළුවන් උන එක ලේසි පහසූ කාර්යයක් නම් නෙමෙයි. ඉතා අමාරු ප්‍රතිවධි කණ්ඩායම් ගොඩක් එක්ක සටන් කරලා තමයි අවසන් වටයට අවේ. අපි හැමදාමත් වගේ අපිව පොලබවගත්තේ “අපි global යන්නේ නැද්ද?” කියන වදන් ටික මතක් කරගනිමින්. 

මේක අවස්ථාවක් කරගන්න කමතයි තරඟාවලිය සංවිධානය කරපූ E2S Gaming and Personal Computers වලට ස්තුති කරන්න. තවද අපේ Esports clan එක වන Noob Alliance එකට පිටිපස්සෙන් ඉඳලා දුන්න සහයෝගයට ස්තුති කරන කරන අතර, අපේ කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඔවුන් ගෙන් ලැබුනා. අපිට සහයෝගය දක්වපූ හැමෝටමට ස්තුතී. අපිට ලංකාවේ හොඳම PUBG Mobile කණ්ඩායම වෙන්න අපි follow කරන මේ වදනත් මතක් කරන්න කැමතියි – “Your Love Makes us Strong, Your Hate makes us Unstoppable”

අවසන් වටයේ සිටින FRag කණ්ඩායමට අපි සුභ පතනවා.

තරඟකරුවන් 200කට ආසන්න සංක්‍යාවක් GCR6L එකට

තරඟකරුවන් 200කට ආසන්න සංක්‍යාවක් GCR6L එකට

ගිය වසරේ  Sri Lanka Cyber Games තමයි Rainbow 6 Siege පලවෙනි වතාවට ලංකාවේ Esports තරඟාවලියකට එකතුවුනේ. කණ්ඩායම් 20ක් online තේරීම් තරඟ වලට සහභාගීවුනි.

මේ අවුරුද්දේ R6 වර්ධනය වී ඇති බව Gamer.LK Clans Rainbow 6 Siege League එක සඳහා කණ්ඩායම් 33ක් සහභාගී වීමෙන් පෙනීයනවා. Sri Lanka Esports Association එක Ranked status එක මේ අවුරුද්දේ ජනවාරි R6 වලට ලබාදුන්නට පසුව පවතින පළමු R6 තරඟාවලිය මෙය වේ. 

GCR6L ගැන තවත් තොරතුරු දැනගන්න අපේ Facebook පිටුව follow කරන්න.

කලහකාරී ලෙස හැසිරුණ තරඟකරුවන් කිහිපදෙනකුට මාස 9ක තරඟ තහනමක්

කලහකාරී ලෙස හැසිරුණ තරඟකරුවන් කිහිපදෙනකුට මාස 9ක තරඟ තහනමක්

මාර්තු මාසයේදී Gamer.LK විසින් සංවිධානය කරනු ලැබූ King’s of LAN – Call of Duty 4 තරඟාවලියට බාධා වන අයුරින් සහ එම තරඟාවලිය පැවැත්වූ ස්ථානය අවට ජනතාව අපහසුතාවයට පත්කරමින් ඉතා කලහකාරී ලෙස හැසිරුණ තරඟකරුවන් 6 දෙනෙකුට මාස 9ක තරඟ තහනමක් සහ තවත් එක් අයකුට මාස 12ක තරඟ තහනමක්.

මාස 9ක තරඟ තහනමට ලක්වූ අය පහත පරිදි වේ : 

Shihan Morais
Ravindu Aravinda
Thushan Dissanayake
Dinesh Jayathunga
Dinesh Kumara
Udith Madushan

මේ අතර, පෙර අවස්ථා කිහිපහකදී අවවාද ලද එක් අයකු සඳහා මාස 12ක තරඟ තහනමක් පනවා ඇත. ඔහු නමින් :

Milinda Madusagara

මෙම තරඟකරුවන්ට මෙම කාලසීමාව තුල Sri Lanka Esports Association එක හෝ Gamer.LK මගින් සංවිධානය කරනු ලබන කිසිම තරඟයකට ඇතුළු වීමට හෝ සහභාගී වීමට අවසර නොමැත.

මෙවැනි කලහකාරී තත්වයන් කිසිසේත් අප විසින් අනුමත නොකරන අතර, මින් ඉදිරියේද මෙවන් අවස්ථාවන් ඇති නොවන අයුරින් වගකීමෙන් කටයුතු කරනමෙන් සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා.

ඇමරිකානු Esports ආයතනයක් ලංකාවට පැමිණේ

ඇමරිකානු Esports ආයතනයක් ලංකාවට පැමිණේ

2019 පිහිටුවන ලද LowKey Esports ආයතනය ලංකාවේ Esports ක්‍රීඩකයන් පස් දෙනෙක් එම ආයතනයට බඳවාගෙන තියෙනවා. මේ ක්‍රීඩකයන් පස්දෙනා ඉස්සරහට තරඟ වලට සහභාගී වෙන්නේ LowKey Esports කියන නම යටතේ.

Platforms කිහිපයකම game titles ගොඩක් නියෝජනය කරන මෙම ආයතනයේ teams දැනට ඇමරිකාව, බ්‍රසීලය, පිලිපීනය සහ වියට්නාමය වගේ රටවල් ගණනාවක පිහිටුවල තියෙනවා. මෙම ආයතනයේ League of Legends team එක දැනට Vietnam Championship Series කියන tournament එකට සහභාගී වන අතර Overwatch team එක, Overwatch Contenders කියන ලෝකයේ අති දක්ෂ ක්‍රීඩකයන් සහභාගී වන tournament එකක play කරනවා. 

අපි LowKey Esports එකේ Esports අධ්‍යෂක Max Wood ගෙන් මේ බඳවා ගැනීම සම්බන්දව විමසීමක් කරා :

ඔහුගේ reply එක එනතුරු රැඳී සිටින්න.

අපි මේ පස්දෙනා කලින් play කරපු team එකේ නායකයා වන Omal ‘ROACH’ Prabuddha ගෙන් ඒගොල්ලොන්ට ලැබුන මේ අවස්ථාව ගැන විමසා බැලුවා : 

අපි නොඉවසිල්ලෙන් ඉන්නවා LowKey Esports එකත් එක්ක එකතු වෙලා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් වන්න. මම ඉතාමත් සතුටු වෙනවා මෙම ආයතනය අපේ දක්ෂතාවයන් හඳුනාගැනීම පිළිබඳව. අපි උනන්දුවෙන් බලාගෙන ඉන්නේ LowKey Esports යටතේ දේශීය  සහ විදේශීය තරඟ වලට සහභාගී වන්න. LowKey Esports ආයතනය අපේ සිහින සැබෑකරන්න මාර්ගය අපිට හදලා දීල තියෙනවා. ඉතින් පුර්ණ කාලීනව CS:GO play කරන්න එකනම් අපිට සිහින සැබෑවීමක්. මේක සාර්ථක gamer කෙනෙක් වෙන්න හොඳ අවස්ථාවක්.

Gamer.LK සහ Sri Lanka Esports Association එක නිසා Esports දැන් ලංකාවේ නිල ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. මේ අඩිතාලමත් එක්ක තව තවත් Esports සඳහා ආයෝජනයන් ලංකාවට එයි කියල අපිට බලාපොරොත්තුවක් තියෙනවා.