web analytics
එක game title එකක් අවසානයේ Phoenix GaminG අනිකුත් clans අභිබවමින් ඉදිරියට

එක game title එකක් අවසානයේ Phoenix GaminG අනිකුත් clans අභිබවමින් ඉදිරියට

පසුගිය සතියේ අවසන්වුනු CS:GO තරඟයත් සමග ලංකාවේ ප්‍රමුකම clans එකිනෙක ගැටෙන සමස්ථ තරඟාවලියේ දක්ෂම clan එක බවට පත්වීමේ ලකුණු සටහන දැන් ආරම්භ වී ඇත. ZEGG Esports CS:GO ජයග්‍රාහකයන් බවට පත්වුනද, Lowkey Esports වෙතින් ඔවුන්ගේ නික්මයාමත් සමග ඔවුන් ලංකාවේ කිසිම clan එකක් දැනට නියෝජනය නොකරයි. Phoenix GaminG හි Sum Ting Wong කණ්ඩායම CS:GO හි දෙවන ස්ථානය ලබාගනිමින් ලකුණු 4.82 ද, Maximum eSports clan එකේ Revolutionary Gamers තෙවන ස්ථානය ලබාගනිමින් ලකුණු 2.43 ද එම කණ්ඩායම් නියෝජනය කරන clans වලට ලබා දී ඇත.
 
ලකුණු ලබාදීමේ ක්‍රමවේදය: https://showdown.gamer.lk/best-clan-award/
 
දැනට ලකුණු සටහන : https://showdown.gamer.lk/results/
Zegg Esports කණ්ඩායම Samsung Online Esports Showdown හි CS:GO title එකේ ජයග්‍රහණය තහවුරු කරගැනී. PnX | Sum Ting Wong කණ්ඩායම දෙවන ස්ථානයට.

Zegg Esports කණ්ඩායම Samsung Online Esports Showdown හි CS:GO title එකේ ජයග්‍රහණය තහවුරු කරගැනී. PnX | Sum Ting Wong කණ්ඩායම දෙවන ස්ථානයට.

ශ්‍රී ලංකාවේ දැනට ජනප්‍රියම CS:GO කණ්ඩායම වන ZEGG Esportsට Gamer.LK වෙතින් සංවිධානය කරන ලද Samsung Online Esports Showdown හි ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවී තිබෙනවා. තරඟ සටහනේ 3-0 ලෙස මෙම ජයග්‍රහයන සටහන් වන අතර. Phoenix GaminG හි Sum Ting Wong කණ්ඩායම දෙවන ස්ථානයටද, Maximum e-Sports හි Revolutionary Gamers කණ්ඩායම තෙවන ස්ථානයටද පත්ව ඇත.

තවද, Online Esports Showdown සඳහා දායකත්වය Samsung සහ MSI Gaming ආයතන මගින් ලබා දී ඇත.

 
Gamer.LK සමග එකතු වී ලංකාවේ ගෙදර සිට සහභාගී විය හැකි Esports තරඟාවලියේ නවතම තොරතුරු දැනගන්න.
නීති විරෝධී ලෙස game accounts හුවමාරු කරගත් තරඟකරුවන් කිහිප දෙනෙකුට  තරඟ තහනමක්.

නීති විරෝධී ලෙස game accounts හුවමාරු කරගත් තරඟකරුවන් කිහිප දෙනෙකුට තරඟ තහනමක්.

පසුගිය ජනවාරි මාසයේ පැවති ‘Gamerfest 2019’ – Mobile Legends Bang Bang online Ranked තරඟාවලියේ තරඟ නීති උල්ලංගනය කරමින් game accounts හුවමාරු කරගත් තරඟකරුවන් 8ක් සහ මාරිතු මාසයේ පැවති ‘SLCG 2020’ – online Overwatch Ranked තරඟාවලියේ game accounts හුවමාරු කරගත් දෙදෙනෙකු සහ එය වැලක්වීමට උත්සහ නොගත් තවත් තරඟකරුවන් 6ක් සඳහා Sri Lanka Esports Association එක මගින්  තරඟ තහනමක් පනවා ඇත.

මෙලෙස ‘Gamerfest 2019’ හිදී අවුරුද්දක තරඟ තනහමට ලක්වුණු තරඟකරුවන්ගේ  විස්තර පහත දැක්වේ : 

Team name: TM|Hyper Oxygen

Team members: 

Shehan Dilusanka(҂Pandaᶜᵏ࿐) : අවුරුද්දක තරඟ තනහමක්
Sachini Navodya  (꧁༒ʀᴇᴅ༒꧂) : අවුරුද්දක තරඟ තනහමක්
Lahiru Sandaruwan (꧁ɖʀɛǟʍɛʀ꧂) අවුරුද්දක තරඟ තනහමක්
Ravin Kesara  (《 RaVa 》) : අවුරුද්දක තරඟ තනහමක් 

Team name: PnX|HYPER REBORN

Team members: 

Sithija Sandaruwan (Rê ß ð_Ö †) : අවුරුද්දක තරඟ තනහමක් 
Kusal Savinda  (Kusal sl) : අවුරුද්දක තරඟ තනහමක් 
Vidushan Chamoda  (ꦿpѕчchσ࿐) : අවුරුද්දක තරඟ තනහමක් 
Sadul Rathsara (ᴳᴼᵂ|Sαsukє) : අවුරුද්දක තරඟ තනහමක්  

තවද ‘SLCG 2020’ හිදී අවුරුද්දක තරඟ තහනමට ලක්වූ තරඟකරුවන්ගේ සහ මාස 6ක තරඟ තනහමට ලක්වුණු තරඟකරුවන්ගේ  විස්තර පහත දැක්වේ : 

Team name: PnX – Noobs United

Team members: 

Nisal Nawaratne (Neanea) : අවුරුද්දක තරඟ තනහමක් 
Sampath Widushan (SukiriBole) : අවුරුද්දක තරඟ තනහමක් 

Kalana Jayasuriya (RAPTOR) : මාස 6ක තරඟ තනහමක්
W. Deshan Thathsara Thilakaratna (DemiGOD) : මාස 6ක තරඟ තනහමක්
Godson Avishka David (GodSlayer) : මාස 6ක තරඟ තනහමක්
Kavindee Kariyawasam (VINKY) : මාස 6ක තරඟ තනහමක්
Chelaka Ilapperuma (wolfx) : මාස 6ක තරඟ තනහමක්
Shanilka Amarasinghe (Hyperion) : මාස 6ක තරඟ තනහමක් 

මෙලෙස තරඟ තහනමට ලක්වූ අයට එම තරඟ තහනම් කාලය තුල Sri Lanka Esports Association හෝ Gamer.LK මගින් සංවිධානය කරන කිසිඳු තරඟාවලියකට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත. 

දැනට තරඟ තහනම් ලද සියලු තරඟකරුවන් මෙතැනින් : https://gamer.lk/blacklist/

ශ්‍රී ලංකාවේ නිවෙස් තුල සිට සහභාගී විය හැකි විශාලතම ක්‍රීඩා තරඟාවලිය Gamer.LK  වෙතින්

ශ්‍රී ලංකාවේ නිවෙස් තුල සිට සහභාගී විය හැකි විශාලතම ක්‍රීඩා තරඟාවලිය Gamer.LK වෙතින්

දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීම සහ සියලුම දෙනාට නිවෙස් තුල සිටීමට උපදෙස් ලැබීමත් සමග දිවයින තුල පැවැත්වීමට නියමිතව තිබු සියලුම ක්‍රීඩා තරඟාවලි / ඉසවු නවතා දමා ඇත. මෙම ක්‍රීඩා අතුරින් මෙම තත්වයෙන් බලපෑමක් ඇති නොවූ එකම ක්‍රීඩාව ඊ ක්‍රීඩා (Electronic Sports) වේ. 2019 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ 70 වන ක්‍රීඩාව ලෙසට ලියාපදිංචි වී ඇති මෙම ඊ ක්‍රීඩා (Electronic Sports), කිසිදු ස්ථානයකට රැස් නොවී අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ක්‍රීඩා කිරීමේ සහ නැරඹීමේ හැකියාව ඇත, මෙමගින් දිවයින පුරා විහිදී සිටින ඊ ක්‍රීඩා (Electronic Sports) ක්‍රීඩකයන් හට මෙම තරඟාවලිය සඳහා තම නිවෙස් තුල සිටම සහභාගී විය හැක. ඊ ක්‍රීඩා (Electronic Sports) මේ වන විට සහභාගී වන්නන්ගේ සහ නරඹන්නන්ගේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ක්‍රීඩාව වේ.

Gamer.LK වෙතින් සංවිදානය කරනු ලබන Esports Online Showdown හි ප්‍රධාන අරමුණ වන්නේ COVID-19 රට තුල ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පුදගලයන් සමාජගත වීම වලක්වීමයි. මෙම තරඟාවලිය අප්‍රේල් මස 5 වන දින සිට මාසයක් පුරාවට පැවැත්වෙනු ඇත. ක්‍රීඩා 10 ඔස්සේ තරඟකරුවන් 1,000 වැඩි ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීමට නියමිත වේ.

මෙම තරඟාවලිය සඳහා ඇතුලත් වන ක්‍රීඩා:
– Call of Duty 4 (පරිගණක)
– Call of Duty Mobile (ජංගම දුරකථන)
– Clash Royale (ජංගම දුරකථන)
– Counter Strike: Global Offensive (පරිගණක)
– Dota 2 (පරිගණක)
– Fortnite (පරිගණක)
– League of Legends (පරිගණක)
– Mobile Legends Bang Bang (ජංගම දුරකථන)
– PUBG (පරිගණක)
– Rainbow Six Siege (පරිගණක)

ඊ ක්‍රීඩා (Electronic Sports) ප්‍රේක්ෂකන් හට මෙම නවතම අත්දැකීම සඳහා අපගේ facebook, youtube, twitch සහ mixer ඔස්සේ සජීවීව එකතු විය හැක.

මේ සඳහා සහභාගී වීමට දැන්ම ලියාපදිංචි වන්න : https://showdown.gamer.lk

වාර්තා බිඳ දමමින් කණ්ඩායම් 300ක් Mobitel Esports Premier League PUBG Mobile තරඟාවලියට ලියාපදිංචි වේ

වාර්තා බිඳ දමමින් කණ්ඩායම් 300ක් Mobitel Esports Premier League PUBG Mobile තරඟාවලියට ලියාපදිංචි වේ

Gamer.LK සංවිදානය කරනු ලබන, රු මිලියනයක තෑගී මුදලක් සමන්විත Mobitel Esports Premier League PUBG Mobile තරඟාවලියට කණ්ඩායම් 300ක් ලියාපදිංචි වී ඇත. තරඟාවලියට ලියාපදිංචි වීමේ කාල සීමාව ජනවාරි 22 සිට පෙබරවාරි 5 දක්වා පැවැත්වුනි. මෙය ලංකාවේ තනි-title තරඟාවලි අතරින් විශාලතම තරඟාවලිය බවට පත් වී ඇත. මීට ඉහලින් තිබෙන Sri Lanka Cyber Games තරඟාවලියට ක්‍රීඩකයින් 3,000කට අදික සංක්‍යාවක් ලියාපදිංචි වන අතර,එය games 24ක් අතර පැතිර ඇත.

EPL තරඟ පෙබරවාරි 8 පටන් ගෙන, පෙබරවාරි 22 පැවැත්වෙන අවසන් මහා තරඟයක් එක්ක නිමාවට පත්වේ.
ලියාපදිංචි වී ඇති කණ්ඩායම් බලාගැනීමට https://epl.lk/squads වෙබ් අඩවියට පිවිසෙන්න.

ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඉ-ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීම සඳහා Gamer.LK සමග අත්වැල් බැඳ ගනී

ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඉ-ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීම සඳහා Gamer.LK සමග අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරතවන Gamer.LK, ශ්‍රී ලංකාව කලාපයේ ඉ-ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) සමග අත්වැල් බැඳ ගත්තේය. InGame Entertainment මවු සමාගමට අනුබද්ධිත සන්නාමයක්වන Gamer.LK, 2007 වසරේ සිට ඉ-ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටී. මෙම හවුල්කාරිත්වය යටතේ, ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ Gamer.LK සතු විශේෂඥ දැනුමත්, මහා පරිමාණ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සංවිධාන කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව සතු විශේෂඥ දැනුමත් සුසංයෝගයක් ලෙස ක්‍රියා කරනු ඇත. 2020 ජනවාරි මාසයේදී පැවැත්වෙන InGame ඉ-ක්‍රීඩා දකුණු ආසියානු කුසලානය එලෙස සංවිධාන කෙරෙන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලියවන අතර කලාපයේ විශිෂ්ටත ම CS:GO කණ්ඩායම් හයක් එහි තරග වැදීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

“මෙය හවුල්කාරිත්වයක් පමණක් නොවේ. මෙය පුළුල් දැක්මක් සහිත ක්‍රමෝපායික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි. ඉ-ක්‍රීඩා යනු මේවන විටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගෙන ඇති ඉසව්වක් වන අතර 2018 වසරේදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී එම ඉසව්ව ප්‍රදර්ශන ඉසව්වක් ලෙස පැවැත්වුණා. එබැවින් එය 2020 දී ටෝකියෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී එක් තරග ඉසව්වක් ලෙස දැකගත හැකිවනු ඇති. කෙසේවෙතත්, 2022 දී චීනයේ හැංසෝහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙය පූර්ණ පදක්කම් ප්‍රදානය කෙරෙන ඉසව්වක් ලෙස සංවිධාන කෙරෙනවා. එබැවින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉ-ක්‍රීඩා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක අප වඩාත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බව සඳහන් කළ හැකියි,” යනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමයේ ආරම්භක සභාපති මෙන්ම Gamer.LK ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය සමග ශ්‍රී ලංකාව ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමට හැකි වන බවයි. “ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිගාමී දැක්මකින් යුතුව කටයුතු කරමින්, නුදුරු අනාගතයේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ම වෙනසක් ඇති කරන ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඔසොවා තැබීම සඳහා නායකත්වය ලබා දීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා.”

තරගාවලි සඳහා සහභාගීවන තරගකරුවන්ගේ සංඛ්‍යාව සහ නරඹන්නන්ගේ පැමිණීම පිළිබඳ සැලකීමේදී ඉ-ක්‍රීඩා ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ක්ෂේත්‍රය ලෙස මෑතකදී හඳුනා ගෙන ඇත. වීඩියෝ ක්‍රීඩාවල තරගකාරී ස්වරූපය ඉ-ක්‍රීඩා මගින් නිරූපණය කෙරෙන අතර එය වෘත්තීය ක්‍රීඩාවක් ලෙස ගෝලීය වශයෙන් ද, පසුගිය වසරේ සැප්තැම්බර් මසදී මෙරට ක්‍රීඩා අමාත්‍යංශය ද පිළිගෙන ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව Gamer.LK සහ ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමය සමග එක්ව කටයුතු කරමින් ඉ-ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ජාතික ඉ-ක්‍රීඩා කණ්ඩායමක් යොමු කිරීමට කටයුතු කළේය. ඉදිරි වසර පහක කාලය සඳහා ජාත්‍යන්තර ඉ-ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි දක්ෂයන් හඳුනා ගැනීමේ අරමුණින් මේ වසරේ සැප්තැම්බර් මස 18 වනදා සංවිධාන කෙරුණු අන්තර්-පාසල් ඉ-ක්‍රීඩා ශූරතාවලියට ද ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය හිමි විය. දිවයින පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වූ අතර ක්‍රීඩාව නගරයට පමණක් සීමා වී නොමැති බව එමගින් මනාව පිළිබිඹු විය.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා (වමේ සිට දෙවැන්නා) InGame Entertainment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සමග ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ උපදේශක ගෝබිනාත් ශිවරාජා, එම කමිටුවේ මාධ්‍ය අංශයේ ප්‍රධානී එස්.ආර්. පතිරවිතාණ සහ InGame Entertainment සමාගමේ අධ්‍යක්ෂ විකුම් ජයසේකර යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.