web analytics

දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීම සහ සියලුම දෙනාට නිවෙස් තුල සිටීමට උපදෙස් ලැබීමත් සමග දිවයින තුල පැවැත්වීමට නියමිතව තිබු සියලුම ක්‍රීඩා තරඟාවලි / ඉසවු නවතා දමා ඇත. මෙම ක්‍රීඩා අතුරින් මෙම තත්වයෙන් බලපෑමක් ඇති නොවූ එකම ක්‍රීඩාව ඊ ක්‍රීඩා (Electronic Sports) වේ. 2019 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ 70 වන ක්‍රීඩාව ලෙසට ලියාපදිංචි වී ඇති මෙම ඊ ක්‍රීඩා (Electronic Sports), කිසිදු ස්ථානයකට රැස් නොවී අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ක්‍රීඩා කිරීමේ සහ නැරඹීමේ හැකියාව ඇත, මෙමගින් දිවයින පුරා විහිදී සිටින ඊ ක්‍රීඩා (Electronic Sports) ක්‍රීඩකයන් හට මෙම තරඟාවලිය සඳහා තම නිවෙස් තුල සිටම සහභාගී විය හැක. ඊ ක්‍රීඩා (Electronic Sports) මේ වන විට සහභාගී වන්නන්ගේ සහ නරඹන්නන්ගේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ක්‍රීඩාව වේ.

Gamer.LK වෙතින් සංවිදානය කරනු ලබන Esports Online Showdown හි ප්‍රධාන අරමුණ වන්නේ COVID-19 රට තුල ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පුදගලයන් සමාජගත වීම වලක්වීමයි. මෙම තරඟාවලිය අප්‍රේල් මස 5 වන දින සිට මාසයක් පුරාවට පැවැත්වෙනු ඇත. ක්‍රීඩා 10 ඔස්සේ තරඟකරුවන් 1,000 වැඩි ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීමට නියමිත වේ.

මෙම තරඟාවලිය සඳහා ඇතුලත් වන ක්‍රීඩා:
– Call of Duty 4 (පරිගණක)
– Call of Duty Mobile (ජංගම දුරකථන)
– Clash Royale (ජංගම දුරකථන)
– Counter Strike: Global Offensive (පරිගණක)
– Dota 2 (පරිගණක)
– Fortnite (පරිගණක)
– League of Legends (පරිගණක)
– Mobile Legends Bang Bang (ජංගම දුරකථන)
– PUBG (පරිගණක)
– Rainbow Six Siege (පරිගණක)

ඊ ක්‍රීඩා (Electronic Sports) ප්‍රේක්ෂකන් හට මෙම නවතම අත්දැකීම සඳහා අපගේ facebook, youtube, twitch සහ mixer ඔස්සේ සජීවීව එකතු විය හැක.

මේ සඳහා සහභාගී වීමට දැන්ම ලියාපදිංචි වන්න : https://showdown.gamer.lk

Share this