web analytics
SLT-MOBITEL විසින් බලගන්වන ලද Gamer.LK හි අන්තර් පාසල් Esports ශූරතාවලියේදී Gateway, Ananda සහ CSI හට මුල් තැන

SLT-MOBITEL විසින් බලගන්වන ලද Gamer.LK හි අන්තර් පාසල් Esports ශූරතාවලියේදී Gateway, Ananda සහ CSI හට මුල් තැන

හයවන වතාවටත් SLT-MOBITEL විසින් බල ගැන්වෙන Gamer.LK හි අන්තර්-පාසල් Esports ශූරතාවලිය Inter-School Esports Championship (ISEC)’22 හි සමස්ත ශූරයන්ගේ කිරුළ හිමිකර ගනිමින් නිමාවකට පත්විය. ශ්‍රී ලංකාව පුරා පාසල් 90 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර ජනප්‍රිය Esports ක්‍රීඩා 10 කින් එය සමන්විත විය. එහි ජයග්‍රාහකයින් ඇගයීමේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පසුගියදා කොළඹ SLT-MOBITEL ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ක්‍රීඩා 10 කින් සමන්විත වූ මෙවර තරගාවලියේ නවක කණ්ඩායම් ජනප්‍රිය ක්‍රීඩාවල ශූරතාව හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සිය දස්කම් සහ කණ්ඩායම් හැඟීම පිළිබිඹු කරමින් Call of Duty 4 තරගාවලියේ රන් පදක්කම දිනා ගත්තේය. මේ අතර, කුරුණෑගල මලියදේව විද්‍යාලය දැඩි තරගකාරී PUBG MOBILE ශූරතාවලියේ රන් පදක්කම් ලාභීන් බවට පත් වූ අතර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය Free Fire තරගාවලියේ ද වත්තල Lyceum ජාත්‍යන්තර පාසල Valorant තරඟාවලියේ ද රන් පදක්කම් දිනා ගත්හ.

මෙහිදී විශිෂ්ට දස්කම් පාමින් කොළඹ Gateway විද්‍යාලය රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 1කට හිමිකම් කියමින් යළිත් වරක් සමස්ත ශූරතාව හිමිකර ගත්හ.. කොළඹ ආනන්ද විද්‍යාලය දෙවන ස්ථානය ද දකුණු කොළඹ ජාත්‍යන්තර පාසල තෙවන ස්ථානය ද දිනා ගත්හ. 2016 වසරේ සිට පාසල් මට්ටමේ Esports ක්‍ෂේත්‍රයේ ආධිපත්‍යය දැරීමට සමත් වූ Gateway විද්‍යාලය, මේ වසරේදී ද හයවෙනි වරටත් ශූරතාව හිමිකර ගත්හ.

“විනෝදාත්මක බවින් ඔබ්බට Esports සතු විභවය අවබෝධකර ගැනීම අතවශ්‍ය බව මගේ විශ්වාසයයි. Esports සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධය කුමක්ද යන්න අවබෝධකර ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු විය හැකි වුවත්, අධ්‍යාපනය තුළ Esports වලට සිදු කළ හැකි පුළුල් සහ ධනාත්මක බලපෑම Gateway විද්‍යාලය මනාව අවබෝධකරගෙන සිටිනවා. Gamer.LK විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් Esports ශූරතාවලිය වැනි විධිමත් වැඩසටහන් මගින් අපගේ සිසුන්ට නායකත්වය, ක්‍රීඩාශීලිත්වය, සන්නිවේදනය, විචාරාත්මක චින්තනය, ගැටළු නිරාකරණය, අන්‍යොන්‍ය ක්‍රියා සහ සහයෝගීතාව වැනි අතවශ්‍ය කුසලතා වැඩිදියුණුකර ගැනීමට හැකියාව ලැබෙනවා යනුවෙන් Gateway විද්‍යාලයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය.

මේ වන විට ඩොලර් බිලියනය ඉක්මවූ වටිනාකමක් හිමි වී ඇති තරගකාරී Esports ක්ෂේත්‍රය ළඟාකරගෙන සිටින දැවැන්ත වධර්නය සහ එමගින් සම්ප්‍රදායික ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදු වී ඇති පරිවර්තනය අප හඳුනාගෙන තිබෙනවා. පුද්ගලයින් ක්‍රීඩාව භාවිතා කරන ආකාරය සහ ඊට සම්බන්දවන ආකාරය වෙනසකට ලක්කර ඇති Esports, නව ආදායම් මාර්ග, අනුග්‍රාහක අවස්ථා සහ වෙනස්ම ආකාරයේ රැකියා අවස්ථා රැසක් ද නිමර්ාණයකර තිබේ. Esports සතු විභවය නිවැරදිව අවබෝධකර ගැනීමට නම් අප එය ක්‍රීඩාවකට ඔබ්බට ගිය කර්මාන්තයක් ලෙස ඒ දෙස බැලීමට හුරු විය යුතු වනවා. නිරන්තරයෙන් වෙනස් වෙමින් ඉදිරියට ගමන්කරන ඩිජිටල් වටපිටාව සඳහා අපගේ දරුවන් සුදානම් කරමින් අප Gateway පාසල තුළ Esports සතු අගය වටහාගෙන තිබෙනවා,” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් Esports ප්‍රධාන අවධානය යොමු කරන ක්‍රීඩාවක් ලෙස හඳුනාගෙන ඇති අතර, පාසල් තුළ තරුණ තරුණියන් Esports සඳහා නිරාවරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. පාසල් මට්ටමින් පවත්වන තරඟ මගින් සිසුන්ට ඔවුන්ගේ දෑස් සම්බන්ධීකරණය (hand-eye coordination), විචාරාත්මක චින්තනය, ගැටළු විසඳීම සහ කණ්ඩායම් සන්නිවේදන කුසලතා වැනි බොහෝ ප්‍රතිලාභ ලබා දිය හැකිය.

“අන්තර් පාසල් Esports ශූරතාවලිය 2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතියේ කැපී පෙනෙන අංගයක් වී ඇත. තරුණ සිසුන් මෙම ශූරතාවලියට සහභාගී වීම සතුටට කරුණක් වන අතර, මනා සංවිධානාත්මකව සහ අධීක්ෂණයෙන් යුතුව පවත්වනු ලබන පාසල් මට්ටමේ Esports වැඩසටහන්වල ප්‍රතිලාභ හිමිකර දීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකිරීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා” යැයි Gamer.LK සහ InGame Esports හි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා Esports සංගමයේ සභාපති රවීන් විජයතිලක මහතා පැවසීය.

මෙවර ශූරතාවලිය බලගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසිනි. SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් විනෝදාස්වාදය සහ Esports සවිබල ගැන්වීමේ ප්‍රමුඛයා වන අතර, රට තුළ සිටින Esports ක්‍රීඩකයින් සඳහා නිෂ්පාදන පිරිනැමීම් සපයයි.

“Gamer.LK’s Inter-School Esports Championship 2022 ට බලය ලබා දීම ගැන අපි ආඩම්බර වෙනවා. හය වැනි වරටත් ජයග්‍රහණය කරමින් තම දස්කම් ප්‍රදර්ශනය කළ කොළඹ Gateway විද්‍යාලයට අපගේ සුබ පැතුම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා SLT-MOBITEL හි කැපවීම මෙම තරඟාවලිය සඳහා අපගේ සහය මඟින් ඉස්මතු කරයි. ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සැපයුම්කරුවෙකු ලෙස SLT-MOBITEL තරුණ තරුණියන් Esports ක්‍රීඩා සඳහා ඇති ආශාව වර්ධනය කිරීමට දැඩි ලෙස කැපවී සිටී. ශූරතාවලිය බල ගැන්වීම තුලින්, දක්ෂ ශිෂ්‍ය ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට සහ තරඟකාරී ක්‍රීඩා පිටියේ ඔවුන්ගේ සිහින හඹා යාමට වේදිකාවක් සැපයීම අපගේ අරමුණයි. Esports හි පරිවර්තනීය බලය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, උපාය මාර්ගික චින්තනය සහ ඩිජිටල් කුසලතා ඊළඟ පරම්පරාව අතර පෝෂණය කිරීමට ඇති හැකියාව පිළිබඳව අපි විශ්වාස කරමු.” යැයි SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක පැවසීය.

2023 වසරේ අග භාගයේදී ශූරතාවලිය 7වන අදියරය පැවැත්වීමට නියමිතය.

Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත්

Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Games and Esports ආයතනය වන Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL විසින් බලගැන්වූ අන්තර් පාසල් Esports ශුරතාවලියේ (Inter-School Esports Championship) ’22 හයවන අදියර සඳහා ලියාපදිංචි කිරීම අරම්භකර ඇත. දිවයිනේ විශාලතම පාසල් මට්ටමේ Esports ශූරතාවය ලෙස, මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවකට Esports සදහා ඇති උද්‍යෝගකර හැගීමක් හඳුන්වා දෙයි. මෙම ශූරතාවලිය මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික පාසල්වල සිටින සිසුන් සඳහා විවෘත වේ.

Esports සැලකිය යුතු අවධානයක් යොමු කල යුතු ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාව Esports ක්‍ෂේත්‍රය ගෝලීය වශයෙන් විශිෂ්ටත්වයට පත්කිරීම අරමුණු කර ගෙන තරඟකාරී වාසියක් ලබා දීම සඳහා පාසල් තුළ තරුණ තරුණියන්ට Esports සඳහා නිරාවරණයක් ලබා දීම අත්‍යවශ්‍ය බව එම අමාත්‍යාංශය පිළිගන්නා ලදී.

Gamer.LK විසින් 2016 දී මෙම ශූරතාවලි මාලාව ආරම්භ කරන ලද්දේ Esports පාසල් මට්ටමින් නියාමනයට සහ අධීක්‍ෂණය වෙනුවෙන් පෙනී සිටීම සඳහායි. පුද්ගලයකුගේ ඇස් සහ අත් අතර වූ සමායෝජන හැකියාව (hand-eye coordination) වැඩි දියුණුවීම, ප්‍රතික්‍රියා වේගය (reflexes and reactions), කණ්ඩායමක් තුල සන්නිවේදනය කිරීමේ හැකියාව ඉහල යාම, තීරණාත්මක අවස්ථාවලදී නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව සහ විවේචනාත්මක චින්තනය වැඩි දියුණුවීම ඇතුළු Esports හි ප්‍රතිලාභ ගණනාවක් ඇති බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත. Gamer.LK හි පරමාර්ථය වන්නේ අනාගතයේ ප්‍රමුඛතම ක්‍රීඩාව බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන Esports පිලිබඳ උනන්දුවක් දක්වන සිසුන්හට දිරිගැන්වීම සහ සහය දීමයි.

එම තරගාවලිය මර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට 2021 දී ගත් තීරණයට ඒ ආකාරයටම ඉදිරියටම රැගෙන යන අතර සිසුන්හට අන්තර්ජාලය හරහා ජනප්‍රිය Esports titles 19 ක් සඳහා ලියාපදිංචි වී තරඟ කිරීමට හැකියාව ලැබෙනු ඇත. Esport සඳහා සහභාගී වන රජයේ සහ පෞද්ගලික පාසල් සිසුන්ට කණ්ඩායම් සහ තනි ඉසව් වලදී තම පාසල නියෝජනය කළ හැක. එසේ නියෝජනය කල හැකි Esports titles වන්නේ; Assetto Corsa eRacing, Arena of Valor, Call of Duty 4: Modern Warfare, Call of Duty Mobile, Clash Royale, Dota 2, FIFA 21, Free Fire, League of Legends, Mobile Legends, PUBG Mobile, Rainbow Six Siege, Real Cricket, Rocket League and Valorant. එමන්ම Fall Guys සහ Overwatch වැනි ප්‍රවර්ධක තරඟාවලිද ප්‍රදර්ශනයට කටයුතු සලස්වා ඇත. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ශිෂ්‍ය Esports ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා Clash Royal සහ Mario Kart Tour ඇතුලත් කාන්තා ලීගයක් ද ශූරතාවලියට අන්තර්ගතකර ඇත.

Gamer.LK හා InGame Esports හි ප්‍රධාන විධායක නිලධාරී සහ Sri Lanka Esports හි සභාපති රවීන් විජයතිලක මෙසේ පවසයි, “අපි උපරිමයෙන් උත්සහ කරන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ශීග්‍රයෙන් වර්ධනය වන මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකික සිසුන් පසුබෑමකට ලක්නොවීම සහතික කිරීමටයි. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල දී Esports පදක්කම් ක්‍රීඩාවක් ලෙස එකතු කර ඇති අතර ශ්‍රී ලාංකාවේ ජාතික Esports කණ්ඩායම ඒ සඳහාතරඟ වැදීමට නියමිතයි. 2016 වසරේ සිට, අපි අන්තර් පාසල් Esports ශූරතාවලියේ පවත්වන අතර ශිෂ්‍ය සහභාගීත්වයේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව, බොහෝ දෙමාපියන් සහ ගුරුවරුන් පාසල් පද්ධතියට Esports ඒකාබද්ධ කිරීම අනුමත කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත.”

ප්‍රභාත් දහනායක, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි SLT-MOBITEL මෙසේ අදහස් එකතු කරන ලදි, “පුළුල් වන Esports ක්ෂෙත්‍රය සඳහා නිර්මාණය කර ඇති තරඟාවලියක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එය සිසුන්ට විශිෂ්ට තරඟාවලි අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපි සිතනවා. අපගේ ශක්තිමත් ජාලය Esports ක්ෂේත්‍රයේ අනාගතයට පහසුකම් සැලසීමට උපකාරී වන බව අපි දැනුවත්. ඒවගේම Esports සඳහා ඔවුන්ගේ උද්යෝගයට සහය වීමට සහ ඔවුන්ගේ උපරිම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට සහාය වීමට අපි උනන්දුවී කටයුතු කරනවා.”

මෙවර ශූරතාවලිය සඳහා අනුග්‍රහය දක්වනු ලබන්නේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසිනි. SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් විනෝදාස්වාදය සහ Esports සවිබල ගැන්වීම සඳහා පෙරමුණ ගෙන සිටින අතර, රට තුළ Esports ක්‍රීඩකයින් සඳහා පහසුකම් සපයන නිෂ්පාදන සපයනු ලබයි.

තරඟ 2023 මාර්තු මසයෙදී ආරම්භවන අතර වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා පිවිසෙන්න https://school.gamer.lk/.

Gamer.LK සමග අත්වැල් බැදෙමින් Wiley Global Technology විසින් තම සේවකයින් සඳහා වාර්ෂික Wiley Esports Festival එක පවත්වයි

Gamer.LK සමග අත්වැල් බැදෙමින් Wiley Global Technology විසින් තම සේවකයින් සඳහා වාර්ෂික Wiley Esports Festival එක පවත්වයි

Wiley International Publications හි ශ්‍රී ලංකාව පදනම් කරගත් තාක්ෂණික සේවා අංශය වන Wiley Global Technology, Gamer.LK සමඟ එක්ව, වාර්ෂික Wiley Esports Festival ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීය.

Wiley හි ශ්‍රී ලාංකික සේවකයින් එකට එකතු වූයේ රටේ වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාව වන Esports හි තරඟ කිරීමටයි. 30 කට අධික පරිසක් ශූරතා 7 ක් සඳහා සහභාගී වූ අතර, සේවකයින් 18 දෙනෙකු ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

බොහෝ ඉදිරියෙන් සිතන ව්‍යාපාර ඔවුන්ගේ ශ්‍රම බලකායේ වෙනස්වෙන සුළු අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ක්‍රීඩා සහ විවේක ක්‍රියාකාරකම්වලට Esports හඳුන්වා දී ඇත. Millennial සහ Generation Z වයස් කාණ්ඩ නියෝජනය කරන සේවකයින් සාම්ප්‍රදායික ක්‍රීඩා වලට වඩා E-Sports සදහා වැඩි ඇල්මක් දක්වයි.

Wiley Esports Festivalහි මෙම වසරේ ශුරතාවල් හතක් ඇතුළත් විය. PUBG Mobile හි ප්‍රථම ස්ථානය මොහමඩ් සතීර්ට හිමි විය. TeamAK47 පරදා Rhiskey Whiskey Call of Duty 4හි පළමු ස්ථානය ජයග්‍රණය කිරීමට හැකි විය. මේ අතර නදීෂානි ජයසිංහ Clash Royal සහ Mario Kartහි රන් පදක්කම හිමි කරගන්නා ලදී. තවද, දිනිත් කොඩිතුවක්කු NFS: Most Wanted හි ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර චමෝදි වීරවික්‍රම Mortal Kombat සදහා රන් පදක්කම හිමි කරගන්නා ලදී. දුලාෂ් ප්‍රනාන්දු Beat Sabre සදහා රන් පදක්කමත් NFS: Most Wanted හා Clash Royal සදහා දෙවන ස්ථානය හිමි කරගනිමින් තරගාවලියේ MVP ලෙස කිරුලු පළදින ලදී.

World Esports Championship 2022හි  අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා PUBG MOBILE NRC ජාතික කණ්ඩායම, Nigma Galaxy කණ්ඩායම පරාජය කරයි.

World Esports Championship 2022හි අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා PUBG MOBILE NRC ජාතික කණ්ඩායම, Nigma Galaxy කණ්ඩායම පරාජය කරයි.

කණ්ඩායම් අදියරවල දී පෑ සුවිශේෂී ක්‍රීඩා හරඹයත් සමඟ, ශ්‍රී ලංකා Esports PUBG MOBILE ජාතික කණ්ඩායම, 14 වන World Esports Championship 2022හි අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අදියර තරගය ජයග්‍රහණය කරයි.

තරග 3ක් අවසානයේ දී, Nigma Galaxy පරාජය කිරීමත් ඇතුළුව Group Bහි ඉහළම kill score ප්‍රමාණය දක්වමින් kill 43ක මුළු ප්‍රමාණයක් ජාතික කණ්ඩායම රැස් කරගෙන ඇත. ලොව ප්‍රමුඛතම PUBG MOBILE කණ්ඩායම් අතරින් එකක් වන, Iraqi Esportsහි Nigma Galaxy කණ්ඩායම සමඟ මුහුණට මුහුණලා කළ සටනේ දී එම කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා PUBG MOBILE ජාතික කණ්ඩායම, අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අදියර තරගය ජයග්‍රහණය කළ දකුණු ආසියාතික කණ්ඩායම් දෙකින් එකක් බවට පත්ව ඇත.
අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට ඔවුන් මෙම දෙසැම්බර් මාසයේ දී බාලි වෙත පිටත්වනු ඇත.

දකුණු ආසියාව තුල වැඩ පෙන්වීමට​ හැකි ලංකාවේ Free Fire කණ්ඩායම් 4 මෙන්න

දකුණු ආසියාව තුල වැඩ පෙන්වීමට​ හැකි ලංකාවේ Free Fire කණ්ඩායම් 4 මෙන්න

Sri Lanka Esports සංගමය (SLESA) විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ Free Fire තරඟාවලියේ අවසන් මහා තරඟය සැප්තැම්බර් 10 සහ 11 දිනවල දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. මෙරට සිටින හොඳම Free Fire ක්‍රීඩකයෝ රැසක්, රුපියල් මිලියනයේ දැවැන්ත තෑගී මුදලේ කොටසක් දිනාගන්න මේ දිනවල පුහුනුවෙමින් සිටිනවා.

මෙතෙක් ලංකාවේ තිබුණු ලොකුම Free Fire තරඟාවලියේ කිරුළු පළඳින වැඩ්ඩො කවුද? මෙන්න අපේ අනාවැකිය.

4. Me-S – BROTHERHOOD

දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ මෙන්ම අවසන් පූර්ව වටයේ දී BROTHERHOOD කණ්ඩායම එතරම් කැපී පෙනෙන තරඟයක් පෙන්නුම් නොකර ද ඔවුන් හට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට හැකි වුනේ BOH xDream ක්‍රීඩකයා ගේ දක්ෂතා මතයි. තරඟාවලියේ වැඩිම eliminations ප්‍රමාණයක් වන 250ක් ලබා ඇති මෙම කණ්ඩායම ඉතා ආක්‍රමණශීලී තරඟ විලාසයක් පෙන්නුම් කරයි.
3. nA – ARCHANGELS A

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම කණ්ඩායම දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරග සියල්ල ඉතා පහසුවෙන් පසු කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත. කෙසේ වෙතත්, තරඟාවලියේ වැඩිම Booyah සංඛ්‍යාවක් (10) ඔවුන් ලබා ගෙන ඇති නමුත් ඔවුන් සිටින්නේ BROTHERHOOD හි elimination සංඛ්‍යාවට වඩා elimination 100ක් පමණ පසු පසින්ය. ඔවුන් සත්‍ය වශයෙන්ම දක්ෂතා පෙන්නුම් කරනවද, උපක්‍රමශීලීද​, නැතහොත් වාසනාව නිසා ඔවුන් මෙතෙක් දුර ඇවිත් ඇතිද යන ප්‍රශ්නය ඔබටද නැඟෙනු ඇත.

2. Ae-S – SLR GHOST

දුර්වල තැනකින් පටන්ගෙන විශිෂ්ට දස්කම් අතරට එන කණ්ඩායම් අතලොස්සක් අතර මේ කණ්ඩායම විශේෂයි. එහිදී දකුණු ආසියානු කලාපයේ හොඳම Sniper ලෙසට සහ තරඟාවලියේ මේ වන විට කැපී පෙනෙන දස්කම් පෙන්වන ක්‍රීඩකයෙක් වන “Josh!!” විශේෂයන් සඳහන් කල යුතුයි. මෙම කණ්ඩායම දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරඟ වලදී මදක් මන්දගාමී තරඟයක් පෙන්නුම් කර නමුත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත. කණ්ඩායම සමබර තරඟ විලාසයක් සමග අවසන් මහා තරඟයට එළඹ එය ජය ගතහොත් ඔවුන් ට එම ජයග්‍රහණය බොහෝ සෙයින් සතුටක් ගෙන එනු ඇත.

1. nA – NEGU SL
මෙම කණ්ඩායම SLESA හි ජාතික ශ්‍රේණිගත කිරීම්වල 1 වන ස්ථානයේ රැඳී සිටින අතර තරඟාවලියේ දෙවන විශාලතම කණ්ඩායම් elimination සංඛ්‍යාව (227) ලබා මේ දක්වා තරගාවලියේ වැඩිම point සංඛ්‍යාව (422) ලබාගෙන ඇත. දැඩි ආත්ම විශ්වාසයක් තබාගෙන ක්‍රීඩා කරන බවක් පෙන්වන මෙම කණ්ඩායම ඉතා දක්ෂ ලෙස දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරඟ සියල්ල පහසුවෙන් පසු කර ඇත. කණ්ඩායමේ xShanYT සහ xDemon ශූරතාවලියේ elimination 126ක් සමග සමස්ත තරඟාවලියේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් පස් දෙනා අතර ද සිටි. ක්‍රීඩා විලාශය, අත් දැකීම් සහ කුසලතා සියල්ල සැලකු විට ශූරතාවලිය මෙම කණ්ඩායම ලබා ගැනීමේ වැඩි හැකියාවක් තිබෙන බවට අපට සිතෙන්නේ එම නිසාය.
Gamer.LK, දකුණු ආසියාවේ PUBG MOBILE තරගාවලිය සඳහා Tencent සමඟ නිල වශයෙන් වැඩ අරඹයි

Gamer.LK, දකුණු ආසියාවේ PUBG MOBILE තරගාවලිය සඳහා Tencent සමඟ නිල වශයෙන් වැඩ අරඹයි

වීඩියෝ ක්‍රීඩා ලෝකයේ දැවැන්ත ප්‍රකාශන සමාගමක් මෙන්ම ලොව ප්‍රකට PUBG Mobile වීඩියෝ ක්‍රීඩාවේ නිර්මාණකරුවන් ද වන Tencent විසින්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 PUBG MOBILE Pro League (PMPL) South Asia Championship Spring හි නිල ප්‍රවර්ධන සහකරු ලෙස Gamer.LK හි මව් සන්නාමය වන InGame Esports පසුගියදා නම් කරන ලදී. දකුණු ආසියානු කලාපයේ තරගකාරි පරිගනක හා ජංගම ක්‍රීඩා, හෙවත් “Esports” ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන මෙම තරගාවලියේදී South Asian Champions of PMPL ‘22 Spring කිරුළ මෙන්ම අමෙරිකානු ඩොලර් 150,000ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමෙයි. දකුණු ආසියානු කලාපය තුළ InGame Esports සතු වසර 15ක අත්දැකීම් PMPL තරගාවලිය ඉහළට ඔසවා තැබීමට උපකාරී වනු නිසැක ය.

InGame Esports යනු අංග සම්පූර්ණ Esports සේවා සම්පාදකයෙකි. එහිදී වර්තමාන තාරුණ්‍යය සමඟ ශක්තිමත් සබඳතා නිර්මාණය කරගැනීමට උත්සාහ කරනු ලබන ගෝලීය සන්නාමවලට සේවා සැපයීමේ අරමුණින් Esports  තරඟාවලි, influencer campaigns සහ immersive metaverse අත්දැකීම් සංවිධානය කිරීමට InGame Esports කටයුතු කරයි. ඊට අමතරව, ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් සිය සන්නාම තානාපතිවරු ලෙස එකතු කරගත්, ශ්‍රී ලංකාවේ Esports Premier League සංවිධානය කිරීමේ වගකීම දරන්නේ ද InGame Esports ආයතනය යි. 

මෙම සහයෝගීතාව හරහා Esports අලෙවිකරණය පිළිබඳ අප සතු සුවිශේෂී දැනුම සහ හැකියාව PUBG MOBILE Pro League වැනි දැවැන්ත Esports තරගමාලාවකට ලබාදීමේ අවස්ථාව අපට උදා වෙනවා. PMPL තරගාවලිය යනු දකුණු ආසියානු කලාපයේ සිටින සියලු Esports ක්‍රීඩකයින් ඉතා උද්‍යෝගයකින් යුතුව බලා සිටින තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි. එම නිසා, සමස්ත කලාපයේම සිටින Esports ක්‍රීඩකයින් සහ රසිකයින් වෙනුවෙන් මෙවැනි කර්තව්‍යයක නියැළීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි මහත් සේ සතුටු වෙනවා. තවද, Tencent සමග ඉතා කිට්ටුවෙන් වැඩ කිරීමට ලැබෙන මෙම අවස්ථාව තුලින් ඉදිරියේදී ශ්‍රී ලාංකික PUBG Mobile ක්‍රීඩකයන් සඳහා නැවුම් අත්දැකීම් සහ අවස්ථා ඇති කිරීමටද අපි අපේක්ෂා කරනවා, යනුවෙන් InGame Esports ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා ප්‍රකාශ කළේය.

ඉකුත් මාර්තු මාසයේදී එළිදක්වන ලද 2022 PUBG MOBILE Pro League South Asia Spring තරගාවලිය සති 4ක කාලයක් පුරා පැවැත්විණි. එහිදී තේරී පත්වුණු, නේපාලය, මොංගෝලියාව සහ පාකිස්ථානය යන රටවල් නියෝජනය කරන කණ්ඩායම්, මැයි මාසයේදී අවසන් ශූරතාව වෙනුවෙන් තරගවැදීමට නියමිත ය.

PUBG Mobile යනු එහි අන්තර්ගත gameplay mechanics (ක්‍රිඩාවෙ යන්ත්‍ර ශාස්ත්‍රය) සහ දැඩි තරගකාරී මූලිකාංග හේතුවෙන් දකුණු ආසියාව තුළ ජනප්‍රියතම වීඩීයෝ ක්‍රිඩවක් වෙ. තව ද කලාපය තුළ Esports වර්ධනයට ද මූලික සාධකයක් බවට ද එය පත්ව තිබේ. දැඩි තරගකාරීත්වයක් සහිත කලාපීය තරගාවලි සඳහා හොඳින්ම ගැලපෙන මෙම වීඩියෝ ක්‍රීඩාව, නව පරපුරේ Esports ක්‍රීඩකයින්ගේ කුසලතා වර්ධනයට ද විශාල දායකත්වයක් සපයයි.