web analytics
Sri Lanka Esports සංගමය (SLESA) විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ Free Fire තරඟාවලියේ අවසන් මහා තරඟය සැප්තැම්බර් 10 සහ 11 දිනවල දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. මෙරට සිටින හොඳම Free Fire ක්‍රීඩකයෝ රැසක්, රුපියල් මිලියනයේ දැවැන්ත තෑගී මුදලේ කොටසක් දිනාගන්න මේ දිනවල පුහුනුවෙමින් සිටිනවා.

මෙතෙක් ලංකාවේ තිබුණු ලොකුම Free Fire තරඟාවලියේ කිරුළු පළඳින වැඩ්ඩො කවුද? මෙන්න අපේ අනාවැකිය.

4. Me-S – BROTHERHOOD

දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ මෙන්ම අවසන් පූර්ව වටයේ දී BROTHERHOOD කණ්ඩායම එතරම් කැපී පෙනෙන තරඟයක් පෙන්නුම් නොකර ද ඔවුන් හට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට හැකි වුනේ BOH xDream ක්‍රීඩකයා ගේ දක්ෂතා මතයි. තරඟාවලියේ වැඩිම eliminations ප්‍රමාණයක් වන 250ක් ලබා ඇති මෙම කණ්ඩායම ඉතා ආක්‍රමණශීලී තරඟ විලාසයක් පෙන්නුම් කරයි.
3. nA – ARCHANGELS A

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම කණ්ඩායම දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරග සියල්ල ඉතා පහසුවෙන් පසු කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත. කෙසේ වෙතත්, තරඟාවලියේ වැඩිම Booyah සංඛ්‍යාවක් (10) ඔවුන් ලබා ගෙන ඇති නමුත් ඔවුන් සිටින්නේ BROTHERHOOD හි elimination සංඛ්‍යාවට වඩා elimination 100ක් පමණ පසු පසින්ය. ඔවුන් සත්‍ය වශයෙන්ම දක්ෂතා පෙන්නුම් කරනවද, උපක්‍රමශීලීද​, නැතහොත් වාසනාව නිසා ඔවුන් මෙතෙක් දුර ඇවිත් ඇතිද යන ප්‍රශ්නය ඔබටද නැඟෙනු ඇත.

2. Ae-S – SLR GHOST

දුර්වල තැනකින් පටන්ගෙන විශිෂ්ට දස්කම් අතරට එන කණ්ඩායම් අතලොස්සක් අතර මේ කණ්ඩායම විශේෂයි. එහිදී දකුණු ආසියානු කලාපයේ හොඳම Sniper ලෙසට සහ තරඟාවලියේ මේ වන විට කැපී පෙනෙන දස්කම් පෙන්වන ක්‍රීඩකයෙක් වන “Josh!!” විශේෂයන් සඳහන් කල යුතුයි. මෙම කණ්ඩායම දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරඟ වලදී මදක් මන්දගාමී තරඟයක් පෙන්නුම් කර නමුත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත. කණ්ඩායම සමබර තරඟ විලාසයක් සමග අවසන් මහා තරඟයට එළඹ එය ජය ගතහොත් ඔවුන් ට එම ජයග්‍රහණය බොහෝ සෙයින් සතුටක් ගෙන එනු ඇත.

1. nA – NEGU SL
මෙම කණ්ඩායම SLESA හි ජාතික ශ්‍රේණිගත කිරීම්වල 1 වන ස්ථානයේ රැඳී සිටින අතර තරඟාවලියේ දෙවන විශාලතම කණ්ඩායම් elimination සංඛ්‍යාව (227) ලබා මේ දක්වා තරගාවලියේ වැඩිම point සංඛ්‍යාව (422) ලබාගෙන ඇත. දැඩි ආත්ම විශ්වාසයක් තබාගෙන ක්‍රීඩා කරන බවක් පෙන්වන මෙම කණ්ඩායම ඉතා දක්ෂ ලෙස දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරඟ සියල්ල පහසුවෙන් පසු කර ඇත. කණ්ඩායමේ xShanYT සහ xDemon ශූරතාවලියේ elimination 126ක් සමග සමස්ත තරඟාවලියේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් පස් දෙනා අතර ද සිටි. ක්‍රීඩා විලාශය, අත් දැකීම් සහ කුසලතා සියල්ල සැලකු විට ශූරතාවලිය මෙම කණ්ඩායම ලබා ගැනීමේ වැඩි හැකියාවක් තිබෙන බවට අපට සිතෙන්නේ එම නිසාය.
Share this