web analytics

හයවන වතාවටත් SLT-MOBITEL විසින් බල ගැන්වෙන Gamer.LK හි අන්තර්-පාසල් Esports ශූරතාවලිය Inter-School Esports Championship (ISEC)’22 හි සමස්ත ශූරයන්ගේ කිරුළ හිමිකර ගනිමින් නිමාවකට පත්විය. ශ්‍රී ලංකාව පුරා පාසල් 90 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර ජනප්‍රිය Esports ක්‍රීඩා 10 කින් එය සමන්විත විය. එහි ජයග්‍රාහකයින් ඇගයීමේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පසුගියදා කොළඹ SLT-MOBITEL ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ක්‍රීඩා 10 කින් සමන්විත වූ මෙවර තරගාවලියේ නවක කණ්ඩායම් ජනප්‍රිය ක්‍රීඩාවල ශූරතාව හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සිය දස්කම් සහ කණ්ඩායම් හැඟීම පිළිබිඹු කරමින් Call of Duty 4 තරගාවලියේ රන් පදක්කම දිනා ගත්තේය. මේ අතර, කුරුණෑගල මලියදේව විද්‍යාලය දැඩි තරගකාරී PUBG MOBILE ශූරතාවලියේ රන් පදක්කම් ලාභීන් බවට පත් වූ අතර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය Free Fire තරගාවලියේ ද වත්තල Lyceum ජාත්‍යන්තර පාසල Valorant තරඟාවලියේ ද රන් පදක්කම් දිනා ගත්හ.

මෙහිදී විශිෂ්ට දස්කම් පාමින් කොළඹ Gateway විද්‍යාලය රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 1කට හිමිකම් කියමින් යළිත් වරක් සමස්ත ශූරතාව හිමිකර ගත්හ.. කොළඹ ආනන්ද විද්‍යාලය දෙවන ස්ථානය ද දකුණු කොළඹ ජාත්‍යන්තර පාසල තෙවන ස්ථානය ද දිනා ගත්හ. 2016 වසරේ සිට පාසල් මට්ටමේ Esports ක්‍ෂේත්‍රයේ ආධිපත්‍යය දැරීමට සමත් වූ Gateway විද්‍යාලය, මේ වසරේදී ද හයවෙනි වරටත් ශූරතාව හිමිකර ගත්හ.

“විනෝදාත්මක බවින් ඔබ්බට Esports සතු විභවය අවබෝධකර ගැනීම අතවශ්‍ය බව මගේ විශ්වාසයයි. Esports සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධය කුමක්ද යන්න අවබෝධකර ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු විය හැකි වුවත්, අධ්‍යාපනය තුළ Esports වලට සිදු කළ හැකි පුළුල් සහ ධනාත්මක බලපෑම Gateway විද්‍යාලය මනාව අවබෝධකරගෙන සිටිනවා. Gamer.LK විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් Esports ශූරතාවලිය වැනි විධිමත් වැඩසටහන් මගින් අපගේ සිසුන්ට නායකත්වය, ක්‍රීඩාශීලිත්වය, සන්නිවේදනය, විචාරාත්මක චින්තනය, ගැටළු නිරාකරණය, අන්‍යොන්‍ය ක්‍රියා සහ සහයෝගීතාව වැනි අතවශ්‍ය කුසලතා වැඩිදියුණුකර ගැනීමට හැකියාව ලැබෙනවා යනුවෙන් Gateway විද්‍යාලයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය.

මේ වන විට ඩොලර් බිලියනය ඉක්මවූ වටිනාකමක් හිමි වී ඇති තරගකාරී Esports ක්ෂේත්‍රය ළඟාකරගෙන සිටින දැවැන්ත වධර්නය සහ එමගින් සම්ප්‍රදායික ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදු වී ඇති පරිවර්තනය අප හඳුනාගෙන තිබෙනවා. පුද්ගලයින් ක්‍රීඩාව භාවිතා කරන ආකාරය සහ ඊට සම්බන්දවන ආකාරය වෙනසකට ලක්කර ඇති Esports, නව ආදායම් මාර්ග, අනුග්‍රාහක අවස්ථා සහ වෙනස්ම ආකාරයේ රැකියා අවස්ථා රැසක් ද නිමර්ාණයකර තිබේ. Esports සතු විභවය නිවැරදිව අවබෝධකර ගැනීමට නම් අප එය ක්‍රීඩාවකට ඔබ්බට ගිය කර්මාන්තයක් ලෙස ඒ දෙස බැලීමට හුරු විය යුතු වනවා. නිරන්තරයෙන් වෙනස් වෙමින් ඉදිරියට ගමන්කරන ඩිජිටල් වටපිටාව සඳහා අපගේ දරුවන් සුදානම් කරමින් අප Gateway පාසල තුළ Esports සතු අගය වටහාගෙන තිබෙනවා,” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් Esports ප්‍රධාන අවධානය යොමු කරන ක්‍රීඩාවක් ලෙස හඳුනාගෙන ඇති අතර, පාසල් තුළ තරුණ තරුණියන් Esports සඳහා නිරාවරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. පාසල් මට්ටමින් පවත්වන තරඟ මගින් සිසුන්ට ඔවුන්ගේ දෑස් සම්බන්ධීකරණය (hand-eye coordination), විචාරාත්මක චින්තනය, ගැටළු විසඳීම සහ කණ්ඩායම් සන්නිවේදන කුසලතා වැනි බොහෝ ප්‍රතිලාභ ලබා දිය හැකිය.

“අන්තර් පාසල් Esports ශූරතාවලිය 2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතියේ කැපී පෙනෙන අංගයක් වී ඇත. තරුණ සිසුන් මෙම ශූරතාවලියට සහභාගී වීම සතුටට කරුණක් වන අතර, මනා සංවිධානාත්මකව සහ අධීක්ෂණයෙන් යුතුව පවත්වනු ලබන පාසල් මට්ටමේ Esports වැඩසටහන්වල ප්‍රතිලාභ හිමිකර දීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකිරීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා” යැයි Gamer.LK සහ InGame Esports හි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා Esports සංගමයේ සභාපති රවීන් විජයතිලක මහතා පැවසීය.

මෙවර ශූරතාවලිය බලගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසිනි. SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් විනෝදාස්වාදය සහ Esports සවිබල ගැන්වීමේ ප්‍රමුඛයා වන අතර, රට තුළ සිටින Esports ක්‍රීඩකයින් සඳහා නිෂ්පාදන පිරිනැමීම් සපයයි.

“Gamer.LK’s Inter-School Esports Championship 2022 ට බලය ලබා දීම ගැන අපි ආඩම්බර වෙනවා. හය වැනි වරටත් ජයග්‍රහණය කරමින් තම දස්කම් ප්‍රදර්ශනය කළ කොළඹ Gateway විද්‍යාලයට අපගේ සුබ පැතුම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා SLT-MOBITEL හි කැපවීම මෙම තරඟාවලිය සඳහා අපගේ සහය මඟින් ඉස්මතු කරයි. ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සැපයුම්කරුවෙකු ලෙස SLT-MOBITEL තරුණ තරුණියන් Esports ක්‍රීඩා සඳහා ඇති ආශාව වර්ධනය කිරීමට දැඩි ලෙස කැපවී සිටී. ශූරතාවලිය බල ගැන්වීම තුලින්, දක්ෂ ශිෂ්‍ය ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට සහ තරඟකාරී ක්‍රීඩා පිටියේ ඔවුන්ගේ සිහින හඹා යාමට වේදිකාවක් සැපයීම අපගේ අරමුණයි. Esports හි පරිවර්තනීය බලය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, උපාය මාර්ගික චින්තනය සහ ඩිජිටල් කුසලතා ඊළඟ පරම්පරාව අතර පෝෂණය කිරීමට ඇති හැකියාව පිළිබඳව අපි විශ්වාස කරමු.” යැයි SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක පැවසීය.

2023 වසරේ අග භාගයේදී ශූරතාවලිය 7වන අදියරය පැවැත්වීමට නියමිතය.

Share this