web analytics

ලංකාවේ Noob Alliance FRag කණ්ඩායම මාලදිවයින, මොන්ගෝලියාව සහ ඉන්දියාව යන රටවල කණ්ඩායම් 125ක් අතරින් මාලදිවයිනේ E2S Gaming සංවිධානය කරපු E2S PUBGM Challengers Cup එකේ අවසාන වටයට ඒමට සමත් උනා. අවසන් වටය නොවෙම්බර් මස 5 වන දින පැවැත්වේ. 

අපි Team FRag එකේ ආදිල් හෆීස් ගෙන් මේ ජයග්‍රහණය ගැන විමසා සිටියා : 

E2S Challengers cup වගේ ලොකු තරඟාවලියකට සහභාගීවීම අපේ සිහින සැබෑ වීමක්. අපි මේ අද ඉන්න තැනට අවේ ගොඩක් බාදක එක්ක. අපිට ලොකූ ආඩම්බරයක් මේ තරඟාවලියේ ලංකාව නියෝජනය කරන එකම team එක අපි වීම. ඒක නිසා අපේ ලංකාවට මේ අභිමානය අරගෙන එන්න උත්සහ කරනවා. අවසන් වටයට එන්න පුළුවන් උන එක ලේසි පහසූ කාර්යයක් නම් නෙමෙයි. ඉතා අමාරු ප්‍රතිවධි කණ්ඩායම් ගොඩක් එක්ක සටන් කරලා තමයි අවසන් වටයට අවේ. අපි හැමදාමත් වගේ අපිව පොලබවගත්තේ “අපි global යන්නේ නැද්ද?” කියන වදන් ටික මතක් කරගනිමින්. 

මේක අවස්ථාවක් කරගන්න කමතයි තරඟාවලිය සංවිධානය කරපූ E2S Gaming and Personal Computers වලට ස්තුති කරන්න. තවද අපේ Esports clan එක වන Noob Alliance එකට පිටිපස්සෙන් ඉඳලා දුන්න සහයෝගයට ස්තුති කරන කරන අතර, අපේ කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඔවුන් ගෙන් ලැබුනා. අපිට සහයෝගය දක්වපූ හැමෝටමට ස්තුතී. අපිට ලංකාවේ හොඳම PUBG Mobile කණ්ඩායම වෙන්න අපි follow කරන මේ වදනත් මතක් කරන්න කැමතියි – “Your Love Makes us Strong, Your Hate makes us Unstoppable”

අවසන් වටයේ සිටින FRag කණ්ඩායමට අපි සුභ පතනවා.

Share this