web analytics

මාර්තු මාසයේදී Gamer.LK විසින් සංවිධානය කරනු ලැබූ King’s of LAN – Call of Duty 4 තරඟාවලියට බාධා වන අයුරින් සහ එම තරඟාවලිය පැවැත්වූ ස්ථානය අවට ජනතාව අපහසුතාවයට පත්කරමින් ඉතා කලහකාරී ලෙස හැසිරුණ තරඟකරුවන් 6 දෙනෙකුට මාස 9ක තරඟ තහනමක් සහ තවත් එක් අයකුට මාස 12ක තරඟ තහනමක්.

මාස 9ක තරඟ තහනමට ලක්වූ අය පහත පරිදි වේ : 

Shihan Morais
Ravindu Aravinda
Thushan Dissanayake
Dinesh Jayathunga
Dinesh Kumara
Udith Madushan

මේ අතර, පෙර අවස්ථා කිහිපහකදී අවවාද ලද එක් අයකු සඳහා මාස 12ක තරඟ තහනමක් පනවා ඇත. ඔහු නමින් :

Milinda Madusagara

මෙම තරඟකරුවන්ට මෙම කාලසීමාව තුල Sri Lanka Esports Association එක හෝ Gamer.LK මගින් සංවිධානය කරනු ලබන කිසිම තරඟයකට ඇතුළු වීමට හෝ සහභාගී වීමට අවසර නොමැත.

මෙවැනි කලහකාරී තත්වයන් කිසිසේත් අප විසින් අනුමත නොකරන අතර, මින් ඉදිරියේද මෙවන් අවස්ථාවන් ඇති නොවන අයුරින් වගකීමෙන් කටයුතු කරනමෙන් සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා.

Share this