web analytics

2019 පිහිටුවන ලද LowKey Esports ආයතනය ලංකාවේ Esports ක්‍රීඩකයන් පස් දෙනෙක් එම ආයතනයට බඳවාගෙන තියෙනවා. මේ ක්‍රීඩකයන් පස්දෙනා ඉස්සරහට තරඟ වලට සහභාගී වෙන්නේ LowKey Esports කියන නම යටතේ.

Platforms කිහිපයකම game titles ගොඩක් නියෝජනය කරන මෙම ආයතනයේ teams දැනට ඇමරිකාව, බ්‍රසීලය, පිලිපීනය සහ වියට්නාමය වගේ රටවල් ගණනාවක පිහිටුවල තියෙනවා. මෙම ආයතනයේ League of Legends team එක දැනට Vietnam Championship Series කියන tournament එකට සහභාගී වන අතර Overwatch team එක, Overwatch Contenders කියන ලෝකයේ අති දක්ෂ ක්‍රීඩකයන් සහභාගී වන tournament එකක play කරනවා. 

අපි LowKey Esports එකේ Esports අධ්‍යෂක Max Wood ගෙන් මේ බඳවා ගැනීම සම්බන්දව විමසීමක් කරා :

ඔහුගේ reply එක එනතුරු රැඳී සිටින්න.

අපි මේ පස්දෙනා කලින් play කරපු team එකේ නායකයා වන Omal ‘ROACH’ Prabuddha ගෙන් ඒගොල්ලොන්ට ලැබුන මේ අවස්ථාව ගැන විමසා බැලුවා : 

අපි නොඉවසිල්ලෙන් ඉන්නවා LowKey Esports එකත් එක්ක එකතු වෙලා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් වන්න. මම ඉතාමත් සතුටු වෙනවා මෙම ආයතනය අපේ දක්ෂතාවයන් හඳුනාගැනීම පිළිබඳව. අපි උනන්දුවෙන් බලාගෙන ඉන්නේ LowKey Esports යටතේ දේශීය  සහ විදේශීය තරඟ වලට සහභාගී වන්න. LowKey Esports ආයතනය අපේ සිහින සැබෑකරන්න මාර්ගය අපිට හදලා දීල තියෙනවා. ඉතින් පුර්ණ කාලීනව CS:GO play කරන්න එකනම් අපිට සිහින සැබෑවීමක්. මේක සාර්ථක gamer කෙනෙක් වෙන්න හොඳ අවස්ථාවක්.

Gamer.LK සහ Sri Lanka Esports Association එක නිසා Esports දැන් ලංකාවේ නිල ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. මේ අඩිතාලමත් එක්ක තව තවත් Esports සඳහා ආයෝජනයන් ලංකාවට එයි කියල අපිට බලාපොරොත්තුවක් තියෙනවා.

Share this