web analytics
Samsung Members අගෝස්තු තරඟාවලිය සඳහා ලියාපදිංචි වීම් දැන් විවෘතයි

Samsung Members අගෝස්තු තරඟාවලිය සඳහා ලියාපදිංචි වීම් දැන් විවෘතයි

Samsung Members Challenge Series Season 1 තරඟාවලිය මාසික තරඟාවලි තුනකින් සමන්විත වේ – ජුලි, අගෝස්තු සහ සැප්තැම්බර්. පහත සදහන් තරඟ ඔස්සේ අගෝස්තු මසට නියමිත තරඟාවලිය සඳහා ලියාපදිංචි වීම් දැන් විවෘතයි:
– Fortnite (Solos)
– Free Fire (Solos)
– Clash Royale
– Call of Duty Mobile (Solos)
– Call of Duty 4 (Free For All)

මෙම තරඟාවලි විවෘත ව ඇත්තේ Samsung Members ලා හට පමණයි. Samsung Member කෙනෙක් වීමට පිවිසෙන්න https://gamer.lk/go/samsungaccnt වෙත.

දැන්ම ලියාපදිංචි වන්න:
– Fortnite (Solos) : https://ingame.asia/tournament/fortnite-solos-august-20
– Free Fire (Solos) : https://ingame.asia/tournament/free-fire-solos-august20
– Clash Royale : https://ingame.asia/tournament/clash-royale-august20
– Call of Duty Mobile (Solos) : https://ingame.asia/tournament/call-of-duty-mobile-solos-august-20
– Call of Duty 4 (Free For All) : https://ingame.asia/tournament/call-of-duty-4-free-for-all-august-20

5වන වරටත් Gamer.LK විසින් සංවිධානය කරනු ලබන INTER-UNIVERSITY ESPORTS CHAMPIONSHIP තරඟාවලිය ප්‍රකාශයට පත් කරේ

5වන වරටත් Gamer.LK විසින් සංවිධානය කරනු ලබන INTER-UNIVERSITY ESPORTS CHAMPIONSHIP තරඟාවලිය ප්‍රකාශයට පත් කරේ

පස්වන වරටත් පැවැත්වෙන Inter-University Esports Championship තරඟාවලිය සම්පුරනේයෙන්ම ගෙදර සිට සහභාගී විය හැකි online තරඟාවලියක් ලෙස Gamer.LK විසින් මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත. උසස් අධ්‍යාපනික ආයතන සමගාමීව පැවැත්වෙන විශාලතම තරඟාවලිය ලෙස සනිටුවන් කරමින් පසුගිය වසර තුල පැවති තරඟාවලියේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 50 කට අධික ප්‍රමාණයක් සහභාගී වීමෙන් ස්ථාවර විය. මෙලෙස පසුගිය වසර පැවති තරඟාවලියෙන් Informatics Institute of Technology (IIT) ශුරයන් වූ අතර, 2018 වසර තුලදී පැවැති තරඟාවලියෙන් Sri Lanka Institute of Information Technology (SLIIT) ශුරයන් බවටද, 2017 වසර තුලදී පැවැති තරඟාවලියෙන් International College of Business & Technology (ICBT) ශුරයන් බවට සහ 2016 වසර තුලදී Asia Pacific Institute of Information Technology (APIIT) ශුරයන් බවටද පත් විය.

ලංකාවේ ඉතා වීගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් ලෙස Esports හඳුනාගෙන ඇති අතර පසුගිය වසර තුලදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිල ක්‍රීඩාවක් ලෙස Esports නම් කරන ලදී.

තරඟ ඉසව් 12 ඔස්සේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඔබ සඳහා ලියාපදිංචි වීම් දැන් ආරම්භ කර ඇත.

කණ්ඩායම් තරඟ:
Call of Duty 4
Dota 2
League of Legends
Mobile Legends
Rainbow Six Siege
Valorant

තනි පුද්ගල තරඟ:
Call of Duty Mobile (Solo Battleroyale)
Clash Royale
Fortnite (Solo Battleroyale)
Free Fire (Solo Battleroyale)
Real Cricket

කාන්තා තරඟ ඉසව්:
Mario Kart Tour
Call of Duty 4 (Free For All)

Inter-University Esports Championship එක සඳහා අනුග්‍රහය Red Bull වෙතින්.

වැඩිදුර විස්තර සහ ලියාපදිංචි වීම සඳහා https://university.gamer.lk වෙත පිවිසෙන්න.

Inter-University Esports Championship හි නවතම තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රැඳී සිටින්න.

Perera & Sons mobile තරඟාවලි තුලින් Esports වෙත පිවිසෙයි

Perera & Sons mobile තරඟාවලි තුලින් Esports වෙත පිවිසෙයි

රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි සහ ආහාරපාන සපයන්නා වන Perera & Sons, mobile Esports ක්‍රීඩකයින් සඳහා තරඟ ඉසව් 2ක් සමඟින් Esports වෙත සිය පළමු ප්‍රවේශය ප්‍රකාශයට පත් කර ඇත. එහි පළමුවැන්න P&S PUBG Mobile Series තරඟාවලිය වන අතර එහි හොඳම ස්ථාන 8 වෙත රු. 100,000 ක ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතය. දෙවැනි තරඟාවලිය P&S Mobile Contenders යනුවෙන් හදුන්වන අතර ඒ සඳහා Free Fire (squad based battle-royale) සහ Call of Duty Mobile (Multiplayer) තරඟ ඉසව් පැවැත් වීමට නියමිතය. මේම තරඟ ඉසව් දෙක අතර රු. 50,000 ක ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතය.

1902 දී ආරම්භ කරන ලද Perera & Sons ආයතනය, දිවයින පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ට ආහාර සැපයීමේ පුරෝගාමී මෙහෙය 118 වන වසර සනිටුහන් කරමින් සමරනු ලැබීය. මෑත කාලීනව, P&S තමන්ගේ  web store තුලින්  හා Pickme, Uber Eats වැනි ආයතන සමග එකතුවී අලුත් ප්‍රවේශයන් ඔස්සේ තම ආහාර පාන නව මුහුණුවරකින් තරුණ පාරිභෝගිකයන් උදෙසා ඉදිරපත් කර ඇත.

Perera & Sons, Gamer.LK ආයතන සමග අත්වැල් බැඳගනිම්න් මේ වන විට තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය Esports සමග එක් වෙමින් තම වෙළඳ නාමය ඔවුන් අතරට ඉතා වේගෙයෙන් රැගෙන යැමට බලාපොරොත්තු වේ.

දැන්ම ලියාපදිංචි වන්න:

P&S PUBG Mobile Series: https://gamer.lk/go/pnspubgm

P&S Mobile Contenders: https://gamer.lk/go/pnscontenders

 

P&S Esports තරඟාවලියේ නවතම තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රදිසිටින්න.

Gamer.LK Esports නරඹන්නන්ගේ සංඛ්‍යාව වසරින් වසර පස්ගුණයකින් වැඩිවේ

Gamer.LK Esports නරඹන්නන්ගේ සංඛ්‍යාව වසරින් වසර පස්ගුණයකින් වැඩිවේ

ආරම්භයේ සිටම අද වෙනතුරු, Gamer.LK තමන්ගේ දක්ෂතා වැඩිදියණු කරගෙන ඇති බව online / offline වේදිකාවන්හි සහ සෑම තැනකහිම පෙන්වා ඇත.

අපගේ වේදිකාව මත වර්ධනය, අපගේ සමාජ මාධ්‍ය  සහ online වේදිකාවන්ට සමගාමීව  අතිශය ලෙස උන්නතියක් පෙන්නුම් කරයි.අපගේ සංඛ්‍යාලේඛන සංසන්දනය කිරීමේදී, ඇදහිය නොහැකි 429% ක වර්ධනයක් අපට එහි  දැක ගත හැකිය! නරඹන්නන් සංඛ්‍යාව  වැඩිවීමට හේතු වූයේ ඉහළ ගුණත්වයෙන් යුතු  සජීවී විකාශනයන් නිසාය. අනුග්‍රාහක අන්තර්ගතයන් සහ සජීවී තරඟාවලි එකතු වීම මගින්,  අපට වසර මුළුල්ලේම ඉතාමත් උණුසුම් අයුරෙන් විකාශනය කිරීමට හැකි  වී ඇත. 

2018දී, Gamer.LK සතුව මුළුවශයෙන් 321.91k views ප්‍රමාණයක් තිබු අතර 2019දී, අප එම views ප්‍රමාණය මිලියන 1.7ක් දක්වා වැඩි කරගැනීමට සමත් විය. අපගේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2020, මේ වන විට මිලියන 2.8 ක views  ප්‍රමාණයක් ලඟා කරගැනීමට අප  අපේක්ෂා කරන  අතර එය ආරම්භය පමණක් බව අපි කවුරුත් දනිමු!

2020 පෙබරවාරි මාසයේදී Gamer.LK විසින් ශ්‍රී ලංකාවේ විශාලතම PUBG Mobile තරඟාවලිය සඳහා සත්කාරකත්වය සපයන ලද අතර එය ශ්‍රී ලංකාවේ එකම කැපවූ Esports  නාලිකාව වන GLKtv හරහා සජීවීව විකාශය කරන ලදී. මුළු තරඟාවලිය පුරාම වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටීම පුදුමයට කරුණක් නොවේ.

GLKtv හි වර්ධනය හා ජනප්‍රියත්වය දිනෙන් දින වැඩි වේ. Gamer.LK හි අපි අනාගතයේ දී තවත් අත්දැකීම් සහ සජීවී විකාශනයන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. 429% පරාජය කිරීම විශාල සංඛ්‍යාවක් වන නමුත් Gamer.LK සහ  එහි සාමාජිකයන් යුහුසුළුව කටයුතු කරන්නේ  මෙම ප්‍රතිශතයෙන්  ඉදිරියට හා ඉහළට යාමටය.

රග්බි ක්‍රීඩාවට වඩා PUBG සඳහා ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ඇල්මක් දක්වයි

රග්බි ක්‍රීඩාවට වඩා PUBG සඳහා ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ඇල්මක් දක්වයි

  • Player Unknown Battlegrounds game එක දකුණු ආසියානු Esports ශේස්ත්‍රයේ පෙරළියක් සිදු කර ඇත
  • ශ්‍රී ලංකාව තුළ PUBG තරග වලට සහබගීවන Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට අධික සංඛ්‍යාවක් සිටී
  • Google trends වලට  අනුව, පසුගිය මාස 20 තුළ, ශ්‍රී ලාංකිකයන් රග්බි ක්‍රීඩාවට වඩා PUBG කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ඔප්පු වී තිබේ
  • PUBG වැඩිම searching percentage එක වාර්තා වෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත් තුළින්ය

 

PC සහ ජංගම දුරකතනයට හඳුන්වා දුන් Player Unknown Battlegrounds game එක දකුණු ආසියානු Esports ශේස්ත්‍රයේ පෙරළියක් සිදු කර ඇත.  මේ වන විට ශ්‍රී ලංකාව තුළ PUBG Mobile සඳහා කැපවූ, තරග වලට සහබගීවන  Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට අධික සංඛ්‍යාවක් සිටී. Gamer.LK විසින් සංවිධානය කරන ලද තරඟාවලි සහ ඉසව්වල වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ Esports සමස්තයක් ලෙස  කැපී පෙනෙන වේගයකින් ඉහළ යමින් පවතී.

රග්බි සහ මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ වැඩිපුරම ක්‍රීඩා කළ Esports හි search trends සංසන්දනය කිරීමට අපි තීරණය කළෙමු. Google trends වලට  අනුව, පසුගිය මාස 20 තුළ, ශ්‍රී ලාංකිකයන් රග්බි ක්‍රීඩාවට වඩා PUBG කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ඔප්පු වී තිබේ. සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 16 දක්වා කාලය තුළ, රග්බි ලෝක කුසලානයේ search trend එක උපරිම මට්ටමක පවතින අතර ක්‍රමයෙන් එය පහත වැටී අතර එය  PUBG search trends  වලට වඩා අඩු අගයක් ගෙන ඇත . search trends රටේ පළාත් අනුව වර්ග කිරීමේදී අපට දැන ගැනීමට ලැබුනේ ශ්‍රී ලංකාවේ පළාත් 9න් බටහිර හා මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත් රග්බි ක්‍රීඩාවට වඩා PUBG සෙවීම්වල නිරත වී ඇති අතර වැඩිම searching percentage එක වාර්තා වෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත් තුළින්ය. පළාත් දෙකෙහිම search  percentage එක වන්නේ 83% .

2020 පෙබරවාරි මාසයේදී , Gamer.LK විසින් ශ්‍රී ලංකාවේ විශාලතම PUBG Mobile තරඟාවලිය සංවිධානය කර ඇති අතර, රට පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එය ශ්‍රී ලංකාවේ පළමු Esports වෙබ් රූපවාහිනී නාලිකාව වන GLKtv හරහා PUBG රසිකයන් සහ අනෙකුත් Esports  ක්‍රීඩා ලෝලීන් සඳහා විකාශය විය. රුපවාහිනී විකාශයෙන් ද ප්‍රධාන ධාරාවේ උනන්දුව ලබා ගැනීමට එයට හැකි විය.  

ඉහත කරුණු සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකා තරුණ සමාජය අතර, “රග්බි සමය” හැරුණු විට,  PUBG කෙරෙහි ඇති උනන්දුව රග්බි ක්‍රීඩාව කෙරෙහි ඇති උමතුව අභිබවා ගොස් ඇති   බව පැහැදිලිය.   

සාම්ප්‍රදායික ක්‍රීඩා අභිබවා යාමට Esports දැනටමත් ආරම්භ වී ඇති බවත්, වැඩි කල් නොගොස් රට තුළ වැඩිපුරම නරඹන ලද සහ ක්‍රීඩා කරන ක්‍රීඩාව මෙය බවත් මෙයින් තහවුරු වෙයි. 

අනාවරණය : ශ්‍රී ලංකා Esports සංගමය පිටු පස සිටින්නේ කවුද? ඔවුන් මොනවද කරන්නේ?

අනාවරණය : ශ්‍රී ලංකා Esports සංගමය පිටු පස සිටින්නේ කවුද? ඔවුන් මොනවද කරන්නේ?

Read this statement in English https://gamer.lk/news/revealed-whos-behind-the-sri-lanka-esports-association-and-what-does-it-do/

ශ්‍රී ලංකා Esports වලට අලුතෙන් පැමිණි කුඩා කණ්ඩායමක් විසින් මේ වන විට SLESA හෙවත් ශ්‍රී ලංකා Esports සංගමය පිළිබඳව නොයෙකුත් කටකථාවන් හා අසත්‍ය ප්‍රකාශ පළකරමින් සිටි. සත්‍ය තොරතුරු මෙසේය:

සාරාංශය

  • SLESA යනු ශ්‍රී ලංකාවේ Esports පාලන අධිකාරියයි
  • SLESA ක්‍රියාත්මක වන්නේ සියලු සාමාජිකයන් විසින් හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් අනුමත කෙරුණු ලැබූ ව්‍යවස්ථාවකට අනුකුලවයි
  • ආරම්භක සාමාජිකයින් සිටින අතර නව සාමාජිකයින් බදවා ගැනීමේ ක්‍රියාවලියක් පවතී
  • නිලධාරීන් සෑම වසර 2කට වරක් තෝරාපත් කර ගැනේ
  • SLESA යනු ස්වාධින ක්‍රීඩා සංගමයක්. එය කාටවත් අයිති පුද්ගලික දේපලක් නොවේ. Gamer.LK යනු එහි එක් සාමාජිකයෙක් පමණයි. Gamer.LK පුද්ගලික සමාගමක් වේ.
  • නිලධාරීන් පත් වී ඇත්තේ වැඩ කිරීමට, සාමාජිකයන්ටද ඔවුන්ට තිබෙන සම අයිතීන් ඇත. එම නිලධාරීන් ශ්‍රී ලංකාවේ Esports උන්නතිය උදෙසා ස්වේච්ඡාවෙන් කිසිදු ගෙවීමකින් තොරව වැඩ කරනු ලබයි.
  • SLESA හි සියලු ගිණුම්කරන කටයුතු හා මුල්‍යමය ගනුදෙනු නිසි මුල්‍යමය විගණනය ට ලක් වන අතර සියලු සාමාජික clans වලට එහි තොරතුරු විනිවිදව ලබා දෙයි.
  • සියළුම SLESA සාමාජිකයන්ගේ ඡන්දයෙන්, Esports වලට සම්බන්ද තරඟ තහනම් නිකුත් කිරීමේ බලතල Gamer.LK සතුකරන ලදී. පණවන ලද තරඟ තහනමක් ඉවත් කර ගැනීමට හෝ සලකා බැලීමට ඉල්ලීම් කිරීම සඳහා අභියාචන ක්‍රමවේදයක් තිබෙන අතර සියලු සාමාජිකයන් ගේ අදහස් හා ඡන්දයෙන් අවසන් තීරණයට එළඹේ.
  • තරඟ තහනම් නිකුත් කිරීමට පෙර විමර්ශනයක් සිදු වේ. තිබෙන සාක්ෂි ප්‍රමාණය හා එහි අඩංගු කරුණු අනුව මේ පරීක්ෂණ සදහා දවස්, සති හෝ මාස ගණනක් ගත විය හැක.
  • මෙම සියලු තොරතුරු, ආරම්භය සිට SLESA හි සාමාජික clans වල නියෝජිතයන් සතුව තිබුණි. 
  • මින් ඉදිරියට, ශ්‍රී ලාංකීය Esports ප්‍රජාව දැනුවත් කිරීම සාමාජික clan වලින් පමණක් බලාපොරොත්තු නොවී, SLESA ඍජුව සම්බන්ධ වී ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. 

SLESA ඡන්දය හිමි සාමාජිකයින් 

ශ්‍රී ලංකා Esports සංගමයේ නිල ඡන්ද බලය සහිත සාමාජිකයින් පිළබඳ තොරතුරු මෙන්ම එහි කාර්යභාරය පිළබඳ සියලුම සත්‍ය තොරතුරු අපි මෙයින් ලබා දීමට අපේක්ෂා කරමු. 

පහත සඳහන් වී ඇත්තේ ශ්‍රී ලංකා Esports සංගමයේ නිල ඡන්ද බලය සහිත සාමජිකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් වේ. මෙම නියෝජිතයින් SLESA සාකච්ඡාවන් හා රැස්වීම් වලට සහභාගී වන අතර ඒ තුලින් මෙරට Esports ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමද, විනය තීරණ හා අනෙකුත් කටයුතු වලට එකතු වීමටද හැකියාව ලැබී ඇත. මෙම සාමාජිකයින් වනුයේ:

  • Maximum Esports (Alpha Esports) (1 vote)
    • Shihan ‘Davy’ Morais
    • Vihanga ‘Yama’ Yuwanthaka
    • Akila ‘Gadget Malli’ Fonseka
  • Noob Alliance (1 vote)
    • Navod ‘Cyanide’ Bopitiya
    • Janith ‘Spartacus’ Rajapakse
    • Indunil ‘Warlord’ Withana
    • Prageeth ‘Gerald’ Savinda
  • Phoenix GaminG (1 vote)
    • Abith ‘Leon’ Latiff
    • Safwan ‘CB’ Mansoor
    • Kasun ‘Kassa’ Withanage
    • Javeen ‘Javeen’ Tharka
  • Tech Morph (1 vote)
    • Isuru ‘Viper’ Herath
    • Fauzan Cassim
    • Dinuwan ‘Dizzy’ Fernando
    • Minuka ‘Hard Buster’ Ranaweera
  • Wolfgang Esports (1 vote)
    • Kasun ‘Athena’ Wijesekera
    • Mewan ‘Alex’ Kaushika
    • Lahiru ‘xxx’ Herath
  • Xiphos Esports (1 vote)
    • Nisal ‘Arch’ Weerakoon
    • Dulaj ‘Stronghold’ Gunawardena
    • Gayan ‘Madness’ de Silva
  • Gamer.LK (1 vote)
    • Raveen ‘Rav’ Wijayatilake
    • Vikum ‘Scooby’ Jayasekera
    • Ramesh ‘RL’ Liyanage
    • Malinda ‘Warrior’ Jayasekera

 

SLESA නිලධාරීන් 

2020-2022 සදහා නිලධාරීන් ඡන්දයෙන් පත් වීය:

නිලධාරීන් නම ඡන්දය ලබාදුන් clans
සභාපති Raveen Wijayatilake Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
ලේකම් Malinda Jayasekera Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
භාණ්ඩාගාරික Vikum Jayasekera Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
මාධ්‍යය ලේකම් Safwan Mansoor Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
සහකාර මාධ්‍යය ලේකම් Prageeth Savinda Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports

නිතර අසන ප්‍රශ්න

 

SLESA යනු කුමක්ද? එයින් කුමක්ද සිදුවන්නේ?

SLESA හෙවත් ශ්‍රී ලංකා Esports සංගමය යනු ශ්‍රී  ලංකාව තුල Esports සඳහා තිබෙන පාලන අදිකාරය වන අතර සංගමයේ ප්‍රධාන වගකීම වනුයේ ශ්‍රී ලංකාව තුල Esports ප්‍රවර්ධනය කිරීම සහ නගාසිටුවීම තුලින් ශ්‍රී ලාංකික Esports ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ නිල Esports තරඟාවලි සදහා සහභාගී කර වීමයි. ශ්‍රී  ලංකාවේ තිබෙන clans සහ තනි Esports තරඟකරුවන් සියලු දෙනා නියෝජනය වන්නේ SLESA තුලින්ය. Clans අතර මත ගැටුම්  හෝ එකින්  එකාට චෝදනා ඉදිරිපත් වන අවස්ථාවන් හිදී මධ්‍යස්තව සිටිමින් නිර්පාක්ෂික මතය සොයමින් ගැටුම් නිරාකර්නය කිරීමේ හැකියාවද SLESA සතු වේ.

වර්තමානය වන විට, ශ්‍රී ලංකා Esports සංගමය ජාත්‍යන්තර මට්ටමේ නොයෙකුත් සංගම් වල නිල සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරයි. මේවා නම් IESF හෙවත් ජාත්‍යන්තර Esports සම්මේලනය [International Esports Federation] (ලෝකයේ පුරා Esports සදහා පිහිටුවා ඇති පාලන අධිකාරිය), ආසියානු Esports සම්මේලනය  [Asian Esports Federation] (ආසියාවේ Esports පාලනය සදහා තිබෙන පාලන අධිකාරිය), ගෝලීය Esports සම්මේලනය [Global Esports Federation] (ලෝකයේ සිටින Esports ආශ්‍රිත ක්‍රියාකාරීන්ගේ එකමුතුව).

 

මේ වන විට SLESA එක තුලින් කිරීමට හැකි වී ඇති කරුණු කිහිපයක්:

  • ශ්‍රී ලංකාව තුල Esports නිල ක්‍රීඩාවක් ලෙසට හදුනා ගැනීම 
  • ශ්‍රී ලාංකීය Esports තරඟ කරුවන් ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී කර වීම, එනම් IESF World Championship, Asian Games සහ අනිකුත් රටවල් හි ජාතික Esports සංගම් විසින් සංවිධානය කරනු ලබන තරඟාවලි.

දකුණු ආසියානු කලාපයේ රටවල අතර Esports පාලනය සහ ආකෘති සදහා මිනුම් ලකුණක් ලෙසට SLESA මේ වන විට හැදින්වේ. මෙ පිළිබිඹු කරමින් මෑත කාලිනව පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ අමතමින් ශ්‍රී ලංකාවේ Esports පාලන ව්‍යුහය සහ එහි සාර්ථකත්වය පිළිබඳව පැවසීමට පවා SLESA සභාපති Raveen Wijayatilake හට ආරාධනා ලැබී ඇත.

ඒ පිළබඳව තැබූ සටහනක් මෙහි ඇත: https://www.facebook.com/gamerlk/posts/10157522428465540

SLESA අනුගමනය කරනු ලබන නීති කුමක්ද?

SLESA සඳහා වෙන්වූ ව්‍යවස්ථාවක් සංගමය ආරම්භයේදී ස්ථාපනය වී ඇත. මෙම ව්‍යවස්ථාව තුල, සාමාජිකයින් තෝරා ගන්නේ කෙසේද, කුමණ කාලෙකට එම නිලධාරීන් පත් වන්නේද, සාමාජිකයින් සහ නිලධාරීන්ගේ වගකීම් මොනවාද යනාදිය පැහැදිලිව සටහන් කර ඇත. මෙම ව්‍යවස්ථාව Esports ශ්‍රී ලංකාව තුල නිල ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශය වෙතද ඉදිරිපත් කර ඇත .

SLESA එකට සාමාජිකයින් එකතු වෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව තුල Esports ආරම්භ වූ කාලයේ සිටි පැරණිම clans සහ Gamer.LK එකතු වීමෙන් ශ්‍රී ලංකා Esports සංගමයේ ආරම්භ විය. නව සාමාජිකයින් සංගමයට බඳවාගැනීම සදහා අයදුම් පත්‍රයක් යොමු කලයුතු අතර සංගමයේ දැනට සිටින ඡන්ද බලය හිමි සාමාජිකයින් විසින් එම අයදුම්කරු පිළිබඳව සියලු තොරතුරු මැනවින් සොයා බලා, විශ්ලේෂණය කර ඉන් අනතුරුව ඡන්දයකින් ඔවුන්ගේ සාමාජිකත්වය තීරණය වනු ඇත. මෙම ඡන්දයෙන් පසු අයදුම්කරු ඡන්ද බලය රහිත Associate members ලා ලෙසට සංගමයට නව clans එකතු කරගැනීම සිදුවේ.

නිලධාරීන් තෝරා පත් වන්නේ කෙසේද?

ව්‍යවස්ථානුකුලව වසර දෙකකට වරක් සියලුම නිලධාරීන් ඡන්දයෙන් තේරී පත්වේ. අවසන් ඡන්දය 2020 ජනවාරි 11 වන දින සිදුවිය. ඔවුන් ඉහත සදහන් SLESA සාමාජිකයින්ගේ ඡන්දයෙන් තේරී පත් වේ. ශ්‍රී ලංකා Esports සදහා ලබා දී ඇති දායකත්වය හේතුවෙන් මේ දක්වා තේරී පත්වූ සියලුම නිලධාරීන් සියලුම clan නියෝජිතයන්ගේ ඒකමතික ඡන්දයෙන් (කිසිඳු විරෝධතාවයෙන් තොරව) තේරී පත්විය.

SLESA එක හසුරවන්නේ Gamer.LK ද?

නැත. සංගමය පිහිටුවීම සහ ලංකාවේ සියලුම clans එකම පාලන වියුහයක් යටතට ගෙන ඒම සඳහා කටුයුතු කිරීම Gamer.LK වෙතින් සිදු විය. ඉන් අනතුරුව පාලන බලය clans අතරේ බෙදාදීම Gamer.LK මගින් සිදු කරන ලදී. මෙමගින් clan සමග එකතු වී විනිවිදබවයක් සහිත පාලන වියුහයක්, ranking එකක් සහ විනයක් ඇතිකිරීමට හැකියාවක් ඇති විය. මෙලෙස සකස් කරන ලද සියලුම ආකෘතියන් සහ වියුහයන් සියළුම SLESA සාමාජිකයන් විසින් අනුමත කර ඇති අතර මේ සඳහා සහභාගී වනුයේ පුර්ණ විනිවිදබාවයකින් යුතුව වේ.

ජාත්‍යන්තර තරඟාවලි සදහා පවත්වනු ලබන තේරීම් තරඟ සදහා Gamer.LK විසින් නොමිලේ තම සේවාවන් SLESA වෙත clans වල සහයෙන් ලබා දෙයි. මෙම තේරීම් සියල්ල සම්පුර්ණ විනිවිද භාවයෙන් සිදු කරනු ලබන අතර සියලු clans වලට එයට සහභාගී වීමට අවකාශ ලබා දෙයි.

SLESA සහ Gamer.LK අතර වෙනස කුමක්ද?

SLESA යනු එහි සාමාජිකයන් මගින් කටයුතු කරගෙන යනු ලබන ස්වාධින සංගමයකි. Gamer.LK හට SLESA හි තනි අයිතිය හිමි නොවේ, එපමණක් නොව ශ්‍රී ලංකාව තුල සිටින කිසිදු clan එකකටද SLESA හි තනි අයිතිකාරීත්වය හිම් නොවේ. SLESA තුල ගන්න තීරණ, නීති රෙගුලාසි සහ මුල්‍යම ගනුදෙනු සියලුම සාමාජිකයින්ට හට දැකගත හැකි පරිදි පුර්ණ විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කර ඇත.

Gamer.LK යනු ශ්‍රී ලංකාව තුල සහ දකුණු ආසියාව තුල Esports ප්‍රවර්ධනය සහ දියුණු කිරීම සඳහා කටයුතු කරනු ලබන පෞද්ගලික ආයතනයකි. Gamer.LK මගින් ශ්‍රී ලංකික සහ අන්තර්ජාතික ක්‍රීඩකයන් සඳහා තරඟාවලි සංවිධානය කිරීම සිදු කරනු ලබයි.

සභාපති සහ ලේකම් වැනි නිලධාරීන් හට අනෙකුත් සාමාජිකයන්ට වඩා විශේෂ ඡන්ද බලයක් හිමිවනවද?

නැත. සියලුම නිල ඡන්ද බලය හිමි සාමාජිකයින් හට හිමිවන්නේ එක් ඡන්දයක් පමණි. නිලධාරීන් පත් කරගනු ලබන්නේ හුදෙක් SLESA හි වැඩ කටයුතු කරගෙන යාම සඳහා පමණි. මෙම වැඩ කටයුතු සඳහා උදාහරණ ලෙස, SLESA වලට අදාල ලියකියවිලි සකස් කිරීම, ජාත්‍යන්තර සංගම් සමග කටයුතු කිරීම, ක්‍රීඩා අමාත්‍යංශය සමග කටයුතු කිරීම සහ මුල්‍ය විගණන කටයුතු දැක්විය හැක.

නිලධාරීන් සඳහා ගෙවීමක් සිදුවනවාද?

නැත. පත්කරන ලද නිලධාරීන් මෙලෙස ස්වේච්ඡාවෙන් තනතුරු වල කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ Esports උන්නතිය උදෙසා Esports ක්‍රීඩාවක් ලෙසට ඉදිරියට ගෙනයාමේ අරමුණ තමන් හට ඇති බැවිනි. කිසිඳු ගෙවීමක් සිදු නොකරන අතර, නිතරම නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික වියදමින් සංගමයට අදාලවන කටයුතු සිදු කරන අතර එම වියදම් SLESA හට පැනවවීම සිදු නොවේ.

SLESA වල මුල්‍යමය කටයුතු හසුරවන්නේ කවුද?

මුදල් තත්ත්වය SLESA නිලධාරීන් විසින් හසුරවන අතර මෙහි විනිවිදභාවය සෑමවිටකම නියෝජිත clan සඳහා විවෘත වේ. තවද, ක්‍රීඩා අමාත්‍යංශය සඳහා අවශ්‍ය මුල්‍යමය විගණනයක් මෑතකදී SLESA නිලධාරීන් විසින් අවසන් කරන ලදී.

SLESA විනය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද?

සියළුම SLESA සාමාජිකයන්ගේ ඡන්දයෙන්, Esports වලට සම්බන්ද තරඟ තහනම් නිකුත් කිරීමේ බලතල Gamer.LK සතුකරන ලදී. Gamer.LK සතු වසර 13ක Esports පළපුරුද්ද, අපක්ෂපාතී ලෙස ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහ ජාත්‍යන්තර සම්මතයන්ට අනුව දැඩි ප්‍රතිපත්ති හා නීති මාලාවන් අනුගමනය කිරීම මේ සඳහා ප්‍රධාන හේතු විය. තවද, පණවන ලද තරඟ තහනමක් ඉවත් කර ගැනීමට හෝ සලකා බැලීමට ඉල්ලීම් කිරීම සඳහා අභියාචන ක්‍රමවේදයක් සකස් කරන ලද අතර මෙමගින් ඕනෑම Esports ක්‍රීඩකයකුට තමන් ලද තරඟ තහනමක් අභියෝග කිරීමට අවස්ථාවක් සලසා දී ඇත. මෙම ක්‍රියාපටිපාටිය තම clan සාමාජිකයන් හට දැනුවත් කිරීම SLESA සාමාජික clans සතු වගකීමක් වේ.

වරදකරුවන් හට දඩුවම් ලබාදීමට SLESA ගන්නා ක්‍රියාමාර්ග මොනවද?

මෙරට Esports තරගාවලි ආශ්‍රිතව නොයෙකුත් චෝදනා හා පැමිණිලි Esports සදහා තිබෙන පාලන බලදාරියා වන SLESA වෙත නිරන්තරයෙන් යොමුවේ. වංචාකාරීව හෝ නීතිවිරෝධී ලෙස තරඟ වැදුණු එනම් draws වෙනස් කිරීම හෝ account share කිරීමේ චෝදනා SLESA තුල සිටින සියලුම ඡන්ද බලය හිමි සාමාජිකයින් වෙත මේ වන විට එක් වරක් හෝ එල්ල වී තිබේ. Clan එකක් හෝ තරගකරුවෙකු ට විරුද්ධව චෝදනාවක් ඉදිරපත් වූ විට, ස්ථිර සාක්ෂි ලැබෙන තෙක් ඔවුන් ආරක්ෂා කිරීම SLESA සතු වගකීමක් වේ. නිසි සාක්ෂි ලැබුණු විට Gamer.LK විසින් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරයි. තිබෙන සාක්ෂි ප්‍රමාණය හා එහි අඩංගු කරුණු අනුව මේ පරීක්ෂණ සදහා දවස්, සති හෝ මාස ගණනක් ගත විය හැක. 

මේ තුලින්, අසත්‍ය චෝදනා වලින් Esports තරඟකරුවන් හා clans අරකෂා වේ. මෙම ක්‍රමවේද අන්තර්ජාතික මට්ටමේ Esports සංවිධාන හා අනිකුත් රටවල් හි තිබෙන Esports සංගම් උපයෝගී කරගන්නා ක්‍රමවේද හා ප්‍රතිපත්ති වේ.

විනය ක්‍රියාමාර්ග සදහා අවසාන තීරණය Gamer.LK සතු ද?

නැත. තරඟ තහනම් සහ විනය ක්‍රියාමාර්ග පිළබඳ තීරණ ගැනීමේදී සියලුම චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සඳහා ඉතා පැහැදිලි අභියාචනා ක්‍රමවේදයක් ඇති අතර, අවසානයේදී  SLESA තුල සිටින නිල ඡන්ද බලය හිමි සාමාජිකයන්ගේ ඡන්දයෙන් අවසන් තීරණය ගනු ලබයි.

Ranking system එක කියන්නේ මොකද්ද?

මෙරට Esports සදහා ජාතික Esports Ranking system එකක් Gamer.LK විසින් සම්පාදනය කර එය සියලු clans වල සහය සමග ක්‍රියාත්මක වන්නේ සියලුම සාමාජිකයන්ගේ දායකත්වයෙන් වන අතර ඔවුන් විසින් ලබාදෙන සියලු ප්‍රතිචාර හා නිර්දේශ එම system එක වැඩිදිවුනු කිරීමට එකතු කරගැනේ. ශ්‍රී ලංකාව තුල සිටින සියලුම clans මෙම Ranking system එක සකස් කිරීම සඳහා තමන්ගේ වටිනා කාලය වැය කර ඇති අතර, මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ  ශ්‍රී ලංකාව තුල සිටින සියලුම Esports තරඟකරුවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමයි.

ජාතික Esports Ranking system එකට අනුකුලව තරඟාවලියක් සංවිධානය කල හැක්කේ කාටද?

ඕනෑම කෙනෙකුට ranking system එකට අනුකුලව Esports තරඟාවලියක් සංවිධානය කල හැක. SLESA එක මගින් තරඟාවලියක් ranked event ලෙසට හැදින් වීම සදහා තිබිය යුතු අවම සුදුසු කම් නිර්දේශ කර ඇති අතර යම්කිසි තරඟාවලියක් ranked event එකක් ලෙසට හැදින් වීමට පෙර මෙම සියලු කොන්දේසි සපුරා තිබිය යුතුය. ඉන් අනතුරුව, SLESA තුල සිටින නිල ඡන්ද බලය හිමි සාමාජිකයන්ගේ ඡන්දයෙන් එම තරඟාවලිය ranking system එකට අනුකුලව හැදින්විය හැකි ranked tournament එකක් ලෙසට අවසන් තීරණය ගනු ලබයි.

මා සතුව ඇති පැමිණිල්ලක් SLESA වෙත ගෙන යාමට අවශ්‍ය කර තිබේ, මේ සඳහා මා කලයුතු දේ කුමක්ද? 

ඔබ සතු තොරතුරු [email protected] වෙත e-mail පණිවිඩයක් යොමු කිරීමෙන් පහසුවෙන්ම SLESA සමග සම්බන්ද විය හැක. තවද, ඔබට පහසු සහ කැමතිනම් සාමාජික clan එකක් මගින් චෝදනාවන් හෝ පැමිණිලි SLESA වෙත සම්බන්ද කල හැක. මෙලෙස clans වෙත යොමුවන පැමිණිලි ඔවුන් විසින් SLESA වෙත යොමුකිරීම සිදුවේ.

මේ පිළිබඳව මීට පෙර අපිව දැනුවත් කිරීමට නොහැකිවුනේ ඇයි?

පසුගිය සතියේ අසත්‍ය තොරතුරු පැතිර යාමෙන් නිගමනය වුනේ SLESA සැමවිටම සාමාජික clans වලට සිදුකරන සියලුම කටයුතු විනිවිදබාවයකින් සිදිකලද, ශ්‍රී ලාංකීය Esports ප්‍රජාව හට තමන් අදාල වන clan එකේ නියෝජිතයන් විසින් ඒවා දැනුවත් කිරීමට අපොහොසත් වූ බවයි. මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීම සාමාජික clan වලින් පමණක් තනිව බලාපොරොත්තු නොවී, සමුහයක් ලෙස SLESA විසින්ම ඔබ දැනුවත් කිරීම සඳහා ගන්නා පියවර ඉදිරි කාලයේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ.

තවත් Sri Lanka Esports Association සම්බන්ධ වැඩි විස්තර සඳහා http://esports.lk වෙත පිවිසෙන්න.