web analytics

රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි සහ ආහාරපාන සපයන්නා වන Perera & Sons, mobile Esports ක්‍රීඩකයින් සඳහා තරඟ ඉසව් 2ක් සමඟින් Esports වෙත සිය පළමු ප්‍රවේශය ප්‍රකාශයට පත් කර ඇත. එහි පළමුවැන්න P&S PUBG Mobile Series තරඟාවලිය වන අතර එහි හොඳම ස්ථාන 8 වෙත රු. 100,000 ක ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතය. දෙවැනි තරඟාවලිය P&S Mobile Contenders යනුවෙන් හදුන්වන අතර ඒ සඳහා Free Fire (squad based battle-royale) සහ Call of Duty Mobile (Multiplayer) තරඟ ඉසව් පැවැත් වීමට නියමිතය. මේම තරඟ ඉසව් දෙක අතර රු. 50,000 ක ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතය.

1902 දී ආරම්භ කරන ලද Perera & Sons ආයතනය, දිවයින පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ට ආහාර සැපයීමේ පුරෝගාමී මෙහෙය 118 වන වසර සනිටුහන් කරමින් සමරනු ලැබීය. මෑත කාලීනව, P&S තමන්ගේ  web store තුලින්  හා Pickme, Uber Eats වැනි ආයතන සමග එකතුවී අලුත් ප්‍රවේශයන් ඔස්සේ තම ආහාර පාන නව මුහුණුවරකින් තරුණ පාරිභෝගිකයන් උදෙසා ඉදිරපත් කර ඇත.

Perera & Sons, Gamer.LK ආයතන සමග අත්වැල් බැඳගනිම්න් මේ වන විට තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය Esports සමග එක් වෙමින් තම වෙළඳ නාමය ඔවුන් අතරට ඉතා වේගෙයෙන් රැගෙන යැමට බලාපොරොත්තු වේ.

දැන්ම ලියාපදිංචි වන්න:

P&S PUBG Mobile Series: https://gamer.lk/go/pnspubgm

P&S Mobile Contenders: https://gamer.lk/go/pnscontenders

 

P&S Esports තරඟාවලියේ නවතම තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රදිසිටින්න.

Share this