web analytics

ආරම්භයේ සිටම අද වෙනතුරු, Gamer.LK තමන්ගේ දක්ෂතා වැඩිදියණු කරගෙන ඇති බව online / offline වේදිකාවන්හි සහ සෑම තැනකහිම පෙන්වා ඇත.

අපගේ වේදිකාව මත වර්ධනය, අපගේ සමාජ මාධ්‍ය  සහ online වේදිකාවන්ට සමගාමීව  අතිශය ලෙස උන්නතියක් පෙන්නුම් කරයි.අපගේ සංඛ්‍යාලේඛන සංසන්දනය කිරීමේදී, ඇදහිය නොහැකි 429% ක වර්ධනයක් අපට එහි  දැක ගත හැකිය! නරඹන්නන් සංඛ්‍යාව  වැඩිවීමට හේතු වූයේ ඉහළ ගුණත්වයෙන් යුතු  සජීවී විකාශනයන් නිසාය. අනුග්‍රාහක අන්තර්ගතයන් සහ සජීවී තරඟාවලි එකතු වීම මගින්,  අපට වසර මුළුල්ලේම ඉතාමත් උණුසුම් අයුරෙන් විකාශනය කිරීමට හැකි  වී ඇත. 

2018දී, Gamer.LK සතුව මුළුවශයෙන් 321.91k views ප්‍රමාණයක් තිබු අතර 2019දී, අප එම views ප්‍රමාණය මිලියන 1.7ක් දක්වා වැඩි කරගැනීමට සමත් විය. අපගේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2020, මේ වන විට මිලියන 2.8 ක views  ප්‍රමාණයක් ලඟා කරගැනීමට අප  අපේක්ෂා කරන  අතර එය ආරම්භය පමණක් බව අපි කවුරුත් දනිමු!

2020 පෙබරවාරි මාසයේදී Gamer.LK විසින් ශ්‍රී ලංකාවේ විශාලතම PUBG Mobile තරඟාවලිය සඳහා සත්කාරකත්වය සපයන ලද අතර එය ශ්‍රී ලංකාවේ එකම කැපවූ Esports  නාලිකාව වන GLKtv හරහා සජීවීව විකාශය කරන ලදී. මුළු තරඟාවලිය පුරාම වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටීම පුදුමයට කරුණක් නොවේ.

GLKtv හි වර්ධනය හා ජනප්‍රියත්වය දිනෙන් දින වැඩි වේ. Gamer.LK හි අපි අනාගතයේ දී තවත් අත්දැකීම් සහ සජීවී විකාශනයන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. 429% පරාජය කිරීම විශාල සංඛ්‍යාවක් වන නමුත් Gamer.LK සහ  එහි සාමාජිකයන් යුහුසුළුව කටයුතු කරන්නේ  මෙම ප්‍රතිශතයෙන්  ඉදිරියට හා ඉහළට යාමටය.

Share this