web analytics

පස්වන වරටත් පැවැත්වෙන Inter-University Esports Championship තරඟාවලිය සම්පුරනේයෙන්ම ගෙදර සිට සහභාගී විය හැකි online තරඟාවලියක් ලෙස Gamer.LK විසින් මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත. උසස් අධ්‍යාපනික ආයතන සමගාමීව පැවැත්වෙන විශාලතම තරඟාවලිය ලෙස සනිටුවන් කරමින් පසුගිය වසර තුල පැවති තරඟාවලියේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 50 කට අධික ප්‍රමාණයක් සහභාගී වීමෙන් ස්ථාවර විය. මෙලෙස පසුගිය වසර පැවති තරඟාවලියෙන් Informatics Institute of Technology (IIT) ශුරයන් වූ අතර, 2018 වසර තුලදී පැවැති තරඟාවලියෙන් Sri Lanka Institute of Information Technology (SLIIT) ශුරයන් බවටද, 2017 වසර තුලදී පැවැති තරඟාවලියෙන් International College of Business & Technology (ICBT) ශුරයන් බවට සහ 2016 වසර තුලදී Asia Pacific Institute of Information Technology (APIIT) ශුරයන් බවටද පත් විය.

ලංකාවේ ඉතා වීගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් ලෙස Esports හඳුනාගෙන ඇති අතර පසුගිය වසර තුලදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිල ක්‍රීඩාවක් ලෙස Esports නම් කරන ලදී.

තරඟ ඉසව් 12 ඔස්සේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඔබ සඳහා ලියාපදිංචි වීම් දැන් ආරම්භ කර ඇත.

කණ්ඩායම් තරඟ:
Call of Duty 4
Dota 2
League of Legends
Mobile Legends
Rainbow Six Siege
Valorant

තනි පුද්ගල තරඟ:
Call of Duty Mobile (Solo Battleroyale)
Clash Royale
Fortnite (Solo Battleroyale)
Free Fire (Solo Battleroyale)
Real Cricket

කාන්තා තරඟ ඉසව්:
Mario Kart Tour
Call of Duty 4 (Free For All)

Inter-University Esports Championship එක සඳහා අනුග්‍රහය Red Bull වෙතින්.

වැඩිදුර විස්තර සහ ලියාපදිංචි වීම සඳහා https://university.gamer.lk වෙත පිවිසෙන්න.

Inter-University Esports Championship හි නවතම තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රැඳී සිටින්න.

Share this