මෙතෙක් ලංකාවේ තිබුණු ලොකුම Free Fire තරඟාවලියේ කිරුළු පළඳින වැඩ්ඩො කවුද? මෙන්න අපේ අනාවැකිය.
4. Me-S – BROTHERHOOD
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම කණ්ඩායම දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරග සියල්ල ඉතා පහසුවෙන් පසු කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත. කෙසේ වෙතත්, තරඟාවලියේ වැඩිම Booyah සංඛ්‍යාවක් (10) ඔවුන් ලබා ගෙන ඇති නමුත් ඔවුන් සිටින්නේ BROTHERHOOD හි elimination සංඛ්‍යාවට වඩා elimination 100ක් පමණ පසු පසින්ය. ඔවුන් සත්‍ය වශයෙන්ම දක්ෂතා පෙන්නුම් කරනවද, උපක්රමශීලීද, නැතහොත් වාසනාව නිසා ඔවුන් මෙතෙක් දුර ඇවිත් ඇතිද යන ප්රශ්නය ඔබටද නැඟෙනු ඇත.
දුර්වල තැනකින් පටන්ගෙන විශිෂ්ට දස්කම් අතරට එන කණ්ඩායම් අතලොස්සක් අතර මේ කණ්ඩායම විශේෂයි. එහිදී දකුණු ආසියානු කලාපයේ හොඳම Sniper ලෙසට සහ තරඟාවලියේ මේ වන විට කැපී පෙනෙන දස්කම් පෙන්වන ක්‍රීඩකයෙක් වන “Josh!!” විශේෂයන් සඳහන් කල යුතුයි. මෙම කණ්ඩායම දිස්ත්‍රික් සුදුසුකම් ලැබීමේ අදියරේ සහ අවසන් පූර්ව වටයේ තරඟ වලදී මදක් මන්දගාමී තරඟයක් පෙන්නුම් කර නමුත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත. කණ්ඩායම සමබර තරඟ විලාසයක් සමග අවසන් මහා තරඟයට එළඹ එය ජය ගතහොත් ඔවුන් ට එම ජයග්‍රහණය බොහෝ සෙයින් සතුටක් ගෙන එනු ඇත.