web analytics
ප්‍රසිද්ධ පුදගලයන් Esports මත ආයෝජනය කිරීමට වැඩි නැඹුරුවක්.

ප්‍රසිද්ධ පුදගලයන් Esports මත ආයෝජනය කිරීමට වැඩි නැඹුරුවක්.

Esports දිගින් දිගටම දියුණු වීමත් සමග විවිධ වූ ශේස්ත්‍ර වල ප්‍රසිද්ද පුද්ගලයන් විශාල ප්‍රමාණයක් Esports වෙත තම අවධානය යොමු කර ඇත. මෙසේ Esports සඳහා අවධානය යොමු කර ඇත පුදගලය් අතර Drake, Michael Jordan, David Beckham වැනි ප්‍රසිද්ධ පුදගලයන් ඇතුලත් වේ.

Armani Exchange, Esports කණ්ඩයමක් සඳහා අනුග්‍රහය දක්වයි.

Armani Exchange, Esports කණ්ඩයමක් සඳහා අනුග්‍රහය දක්වයි.

ප්‍රකට ඇඟලුම් නිෂ්පාදකයෙකු වන Armani Exchange ඉතාලියානු Esports කණ්ඩයමක් වන Mkers සඳහා තම අනුග්‍රහය ලබා දෙන බවට මේ වන විට ඔවුන්ගේ Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත. ඔබුන් තව දුරටත් පවසා ඇත්තේ මෙමගින් Mkers කණ්ඩායමේ ක්‍රීඩකයන් Armani Exchange ලාංඡනය සහිත ඇඟලුම් පැළඳීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය තුමා Esports පිලිබඳ ලිපියකින් එය ප්‍රවර්ධනය කලයුතු බව පවසයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය තුමා Esports පිලිබඳ ලිපියකින් එය ප්‍රවර්ධනය කලයුතු බව පවසයි.

ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා Financial Times ඉංග්‍රීසි පුවත්පතට ලිපියක් ලිවීම සඳහා තම දායකත්වය ලබාදී ඇත. මෙම ලිපියෙහි මාතෘකාව වී ඇත්තේ “ක්‍රිකට් ක්‍රීඩාව සහ Dota 2 පරිගණක ක්‍රීඩාවට එක සමාන ලෙස ප්‍රවර්ධනය කල යුතුය” (Cricket and DOTA 2: Should be equally promoted for similar reasons) යන්නයි. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වරයා පවසා ඇත්තේ Dota 2 අතීතයේ Cricket මෙන් ශ්‍රී ලංකාව තුල මුල් අවදියේ තිබෙන අතර එකල Cricket මෙන් දෙමාපියන් මේ දෙස බලන්නේ තම දරුවන්ගේ කාලය කා දැමීමක් ලෙස බවත්ය.

පරිගණක ක්‍රීඩා යනු ඇබ්බැහි වීමක් සහ කාලය නාස්ති කිරීමක් නොවේද? අප අපගේ දරුවන් මෙයින් ඈත් කරගත යුතු නොවේද? පුදුමයට කරුණ වන්නේ මේ ආකාරයෙන්ම අප තරුණ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහාද දෝෂාරෝපණ එල්ල වීමයි. මීට දශක තුනකට පමණ පෙර දෙමාපියන්ට අවශ්‍යය වුයේ තම දරුවන් වැඩි වේලාවක් පිට්ටනියට වඩා පොත් පත් සමග ගත කරනු දැකීමටයි. ඔවුන් Bat සහ බෝල සඟවා ඔවුන්ට සෙල්ලම් කල හැකි කාලය සීමා කළා.

ක්‍රිකට් පුහුණු වීම සඳහා සහභාගී වූ දරුවන්ව ගුරුවරුන් විසින් අධෛර්යමත් කලා.එපමණක් නොව මේ දරුවන්ව පන්ති කාමරය ඉදිරියේ ලජ්ජාවට පත් කලා.අවුරුදු 16 දරුවෙක් අන්තර් විද්‍යාල මහා ක්‍රිකට් තරඟයකදී ශතකයක් ලබා ගැනීමට වඩා සාමාන්‍ය පෙළ විභාගයෙන් D සාමාර්ථ 8ක් ලබා ගැනීම මොවුන් දෙපාර්ශවයේම සිහිනය වී තිබුණා. සුළු දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් තම දරුවන්ට අන්තර් විද්‍යාල මහා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීමට අවසර දුන්නත් එසේ අවසර ලබාදුන්නේ ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම නැතිනම් ඒ කාලයේ හැදින්වූ ආකාරයට “ලයිට් කණු” 8ක් ලබා නොගන්නවානම් පමණි.

Esports දැනට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ක්‍රීඩාව වේ. Gamer.LK Esports ශ්‍රී ලංකාව තුල සහ දකුණු ආසියාව තුල ප්‍රචලිත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරයි.

සම්පුර්ණ ලිපිය කියවීම සඳහා Financial Times වෙබ් අඩවිය වෙත පිවිසෙන්න :
http://www.ft.lk/columns/Cricket-and-DOTA-2—Should-be-equally-promoted-for-similar-reasons/4-678728 

KFC අවධානය Esports දෙසට

KFC අවධානය Esports දෙසට

KFC, CSGO සහ DOTA 2 මගින් තම Esports ගමන ආරම්භ කිරීමට සූදානම් වේ. ඔවුන් KFC BATTLE නම් වූ Esports තරඟාවලියක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර ජයග්‍රාහකයන් සඳහා ආකර්ශනීය වූ ත්‍යාගද ලබාදීමට සියල්ල සැලසුම් කර ඇත.

Boxing ශුර Mike Tyson Esports වලට.

Boxing ශුර Mike Tyson Esports වලට.

ඉතා සාර්ථක Boxing ක්‍රීඩා කාලයකින් පසුව බොෂිඞ් ශුර Mike Tyson ඔහුගේ අවධානය Esports වෙතට යොමු කර ඇත. ඔහු Fade 2 Karma නම් වූ Esports ආයතනය වෙත තම මුදල් ආයෝජනය කිරීමට තීරණය කර ඇත.