web analytics

ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා Financial Times ඉංග්‍රීසි පුවත්පතට ලිපියක් ලිවීම සඳහා තම දායකත්වය ලබාදී ඇත. මෙම ලිපියෙහි මාතෘකාව වී ඇත්තේ “ක්‍රිකට් ක්‍රීඩාව සහ Dota 2 පරිගණක ක්‍රීඩාවට එක සමාන ලෙස ප්‍රවර්ධනය කල යුතුය” (Cricket and DOTA 2: Should be equally promoted for similar reasons) යන්නයි. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වරයා පවසා ඇත්තේ Dota 2 අතීතයේ Cricket මෙන් ශ්‍රී ලංකාව තුල මුල් අවදියේ තිබෙන අතර එකල Cricket මෙන් දෙමාපියන් මේ දෙස බලන්නේ තම දරුවන්ගේ කාලය කා දැමීමක් ලෙස බවත්ය.

පරිගණක ක්‍රීඩා යනු ඇබ්බැහි වීමක් සහ කාලය නාස්ති කිරීමක් නොවේද? අප අපගේ දරුවන් මෙයින් ඈත් කරගත යුතු නොවේද? පුදුමයට කරුණ වන්නේ මේ ආකාරයෙන්ම අප තරුණ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහාද දෝෂාරෝපණ එල්ල වීමයි. මීට දශක තුනකට පමණ පෙර දෙමාපියන්ට අවශ්‍යය වුයේ තම දරුවන් වැඩි වේලාවක් පිට්ටනියට වඩා පොත් පත් සමග ගත කරනු දැකීමටයි. ඔවුන් Bat සහ බෝල සඟවා ඔවුන්ට සෙල්ලම් කල හැකි කාලය සීමා කළා.

ක්‍රිකට් පුහුණු වීම සඳහා සහභාගී වූ දරුවන්ව ගුරුවරුන් විසින් අධෛර්යමත් කලා.එපමණක් නොව මේ දරුවන්ව පන්ති කාමරය ඉදිරියේ ලජ්ජාවට පත් කලා.අවුරුදු 16 දරුවෙක් අන්තර් විද්‍යාල මහා ක්‍රිකට් තරඟයකදී ශතකයක් ලබා ගැනීමට වඩා සාමාන්‍ය පෙළ විභාගයෙන් D සාමාර්ථ 8ක් ලබා ගැනීම මොවුන් දෙපාර්ශවයේම සිහිනය වී තිබුණා. සුළු දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් තම දරුවන්ට අන්තර් විද්‍යාල මහා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීමට අවසර දුන්නත් එසේ අවසර ලබාදුන්නේ ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම නැතිනම් ඒ කාලයේ හැදින්වූ ආකාරයට “ලයිට් කණු” 8ක් ලබා නොගන්නවානම් පමණි.

Esports දැනට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ක්‍රීඩාව වේ. Gamer.LK Esports ශ්‍රී ලංකාව තුල සහ දකුණු ආසියාව තුල ප්‍රචලිත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරයි.

සම්පුර්ණ ලිපිය කියවීම සඳහා Financial Times වෙබ් අඩවිය වෙත පිවිසෙන්න :
http://www.ft.lk/columns/Cricket-and-DOTA-2—Should-be-equally-promoted-for-similar-reasons/4-678728 

Share this