web analytics
වීඩියෝ ක්‍රීඩා ලෝකයේ දැවැන්ත ප්‍රකාශන සමාගමක් මෙන්ම ලොව ප්‍රකට PUBG Mobile වීඩියෝ ක්‍රීඩාවේ නිර්මාණකරුවන් ද වන Tencent විසින්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 PUBG MOBILE Pro League (PMPL) South Asia Championship Spring හි නිල ප්‍රවර්ධන සහකරු ලෙස Gamer.LK හි මව් සන්නාමය වන InGame Esports පසුගියදා නම් කරන ලදී. දකුණු ආසියානු කලාපයේ තරගකාරි පරිගනක හා ජංගම ක්‍රීඩා, හෙවත් “Esports” ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන මෙම තරගාවලියේදී South Asian Champions of PMPL ‘22 Spring කිරුළ මෙන්ම අමෙරිකානු ඩොලර් 150,000ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමෙයි. දකුණු ආසියානු කලාපය තුළ InGame Esports සතු වසර 15ක අත්දැකීම් PMPL තරගාවලිය ඉහළට ඔසවා තැබීමට උපකාරී වනු නිසැක ය.

InGame Esports යනු අංග සම්පූර්ණ Esports සේවා සම්පාදකයෙකි. එහිදී වර්තමාන තාරුණ්‍යය සමඟ ශක්තිමත් සබඳතා නිර්මාණය කරගැනීමට උත්සාහ කරනු ලබන ගෝලීය සන්නාමවලට සේවා සැපයීමේ අරමුණින් Esports  තරඟාවලි, influencer campaigns සහ immersive metaverse අත්දැකීම් සංවිධානය කිරීමට InGame Esports කටයුතු කරයි. ඊට අමතරව, ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් සිය සන්නාම තානාපතිවරු ලෙස එකතු කරගත්, ශ්‍රී ලංකාවේ Esports Premier League සංවිධානය කිරීමේ වගකීම දරන්නේ ද InGame Esports ආයතනය යි. 

මෙම සහයෝගීතාව හරහා Esports අලෙවිකරණය පිළිබඳ අප සතු සුවිශේෂී දැනුම සහ හැකියාව PUBG MOBILE Pro League වැනි දැවැන්ත Esports තරගමාලාවකට ලබාදීමේ අවස්ථාව අපට උදා වෙනවා. PMPL තරගාවලිය යනු දකුණු ආසියානු කලාපයේ සිටින සියලු Esports ක්‍රීඩකයින් ඉතා උද්‍යෝගයකින් යුතුව බලා සිටින තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි. එම නිසා, සමස්ත කලාපයේම සිටින Esports ක්‍රීඩකයින් සහ රසිකයින් වෙනුවෙන් මෙවැනි කර්තව්‍යයක නියැළීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි මහත් සේ සතුටු වෙනවා. තවද, Tencent සමග ඉතා කිට්ටුවෙන් වැඩ කිරීමට ලැබෙන මෙම අවස්ථාව තුලින් ඉදිරියේදී ශ්‍රී ලාංකික PUBG Mobile ක්‍රීඩකයන් සඳහා නැවුම් අත්දැකීම් සහ අවස්ථා ඇති කිරීමටද අපි අපේක්ෂා කරනවා, යනුවෙන් InGame Esports ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා ප්‍රකාශ කළේය.

ඉකුත් මාර්තු මාසයේදී එළිදක්වන ලද 2022 PUBG MOBILE Pro League South Asia Spring තරගාවලිය සති 4ක කාලයක් පුරා පැවැත්විණි. එහිදී තේරී පත්වුණු, නේපාලය, මොංගෝලියාව සහ පාකිස්ථානය යන රටවල් නියෝජනය කරන කණ්ඩායම්, මැයි මාසයේදී අවසන් ශූරතාව වෙනුවෙන් තරගවැදීමට නියමිත ය.

PUBG Mobile යනු එහි අන්තර්ගත gameplay mechanics (ක්‍රිඩාවෙ යන්ත්‍ර ශාස්ත්‍රය) සහ දැඩි තරගකාරී මූලිකාංග හේතුවෙන් දකුණු ආසියාව තුළ ජනප්‍රියතම වීඩීයෝ ක්‍රිඩවක් වෙ. තව ද කලාපය තුළ Esports වර්ධනයට ද මූලික සාධකයක් බවට ද එය පත්ව තිබේ. දැඩි තරගකාරීත්වයක් සහිත කලාපීය තරගාවලි සඳහා හොඳින්ම ගැලපෙන මෙම වීඩියෝ ක්‍රීඩාව, නව පරපුරේ Esports ක්‍රීඩකයින්ගේ කුසලතා වර්ධනයට ද විශාල දායකත්වයක් සපයයි. 

Share this