web analytics

ක්‍රීඩා අමාත්‍යංශය විසින් Esports නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස නම් කර තිබෙනවා. සැප්තැම්බර් මස 23 වන දින විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙය නිල වශයෙන් ගැසට් කර ඇති අතර එය ඔක්තෝම්බර් මස 2 වන දින නිල වශයෙන් නිකුත් වී තිබෙනවා.

දකුණු ආසියාතික රටවල් අතරින් Esports නිල වශයෙන් ක්‍රීඩාවක් බවට පත් වී ඇති එකම රට ශ්‍රී ලංකාව වන අතර එමගින් ශ්‍රී ලංකාව තරඟකාරී පරගණක ක්‍රීඩා, ක්‍රීඩාවක් ලෙස හඳුනාගත් දකුණු කොරියාව, ප්‍රංශය වැනි රටවල් කිහිපය අතරට එකතු වී ඇත.

මෙම ප්‍රකාශනයට ප්‍රධානම හේතුව ලෙස දශකයකට ආසන්න කාලයක් Sri Lanka Esports Association සහ Gamer.LK මගින් ගත් උත්සාහය පෙන්වා දිය හැක. නිරන්තරයෙන් දිවයින පුරා Esports ඉසවු සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ක්‍රීඩාව බවට Esports පත් කළේය. එපමණක් නොව ලඟදි නිමා වූ Inter-School Esports Championship හි සුදුසු කම් ලැබීමේ තරඟාවලියට මෙතෙක් පාසල් මට්ටමේ ක්‍රීඩා ඉසව්වකට සහභාගී වූ වැඩිම පාසල් සංඛ්‍යාව වාර්තා කරමින් පාසල් 150 වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී විය.

මීට ඉහතදී ජාතික ඔලිම්පික් කමිටුව මගින් Esports ක්‍රීඩාවක් ලෙස අනුමත කර ඇති අතර 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමේදී ඔවුන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී. මෙම ආසියානු ක්‍රීඩා උළලේදී Esports ප්‍රධාර්ශනාත්මක ක්‍රීඩාවක් ලෙස එක කර තිබිණි.

සිංහල ගැසට් පත්‍රය: http://www.documents.gov.lk/files/egz/2019/10/2143-34_S.pdf

ඉංග්‍රීසි ගැසට් පත්‍රය: http://www.documents.gov.lk/files/egz/2019/10/2143-34_E.pdf

Share this