web analytics

Gamer.LK  සමග Maharaja Television (MTV) සහ Maharaja Broadcasting Corporation (MBC) එකතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට Esports රුපවාහිණිය වෙත ගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත. මෙම රූපවාහිණි විකාශය ජුනි මාසයේ පැවැත්වෙන Inter-University Esports Championship තරඟාවලියෙන් ආරම්භ වන අතර අවුරුද්ද පුරා විහිදුන විවිධ වූ Esports තරඟාවලි විකාශය කරනු ඇත.

Esports සහ Digital විනෝදාංශයන් හි ප්‍රමුඛ සන්නාමය වන Gamer.LK සමග ශ්‍රී ලංකාවේ විශාලතම රුපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සතු, සම්ප්‍රධායික මාධ්‍ය ක්ෂේත්‍රය අද්විතීය නාමය හා පළපුරුද්ද සහිත MTV/MBC මාධ්‍ය ජාලය තුලින් මේ වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ජනප්‍රිය වන ක්‍රීඩාව වන Esports විකාශනය කිරීමට නියමිතය. Inter-University Esports Championship මෙතෙක් වැඩිම තරුණ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් නැරඹු තරඟාවලිය වීමේ සලකුණු පෙන්නුම් කර ඇත.

Inter-University Esports තරඟාවලිය ජුනි 1හා 2 දෙදින පුරා Stein Studios හිදී පැවැත්වෙන අතර මේ සඳහා විශ්වවිද්‍යාල 40 වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇත. මෙහිදී හොඳම දක්ෂතාවයන් පෙන්නුම් කරන විශ්වවිද්‍යාල දෙක ජුනි 15 වන දින පැවැත්වෙන අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් Gamer.LK ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා පවසා සිටියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත මෙම අත්දැකීම ගෙන ඒමට හැකි වීම සහ MTV/MBC මාධ්‍ය ආයතන Esports තුල ඇති වටිනාකම හඳුනා ගැනීම පිළිබඳව ඔවුන් බෙහෙවින් සතුටු වන බවය. තව දුරටත් ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙතට සාම්ප්‍රධායික හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ Esports ගෙන ඒම මගින් ඔවුන්ගේ අරමුණ වන Esports රට තුල ව්‍යාප්ත කරීම ඉටු කර ගත හැකි වන බවය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලය වශයෙන් අප Esports සහ Mobile ක්‍රීඩා වල ඇතිවූ දියුණුව හඳුනා ගැනීමට සමත්ව ඇත. මේ ඇතිවී ඇති දියුණුවත් සමග Gamer.LK  සමග එකතුව Esports ලෝකය තුලට ඇතුල් වී එහි දියුණුව සඳහා උදවු කිරීමට අපට හැකියාව ලැබී ඇත. අප සෑමවිටම අනාගතය ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම නිසා අප මේ Gamer.LK  සමග ඇතිකරගත් සහයෝගීතාවයත් සමග Esports අපගේ ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිත කිරීමේ හැකියාව අනිවාර්යෙන් ලැබෙනු ඇත.” – නීඩ්‍රා වීරසිංහ – අධ්‍යක්ෂ Electronic Media Business MTV/MBC

සම්ප්‍රධායික හා විද්‍යුත් මාධ්‍ය ආවරණය තුලින් සාමාන්‍යයෙන් ලඟාවීමට අපහසු තරුණ තරුණියන් වෙත ලඟාවීමට වෙළඳ නාමයන් වලට අවස්ථාවක් උදා වී ඇත, ලෝකයේ අවු 18 – 35 අතර ප්‍රේක්ෂකයන් පරිගණක ක්‍රීඩා නැරඹීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන අතර මෙය දැන් ශ්‍රී ලංකාව තුලදීද දැකගත හැක.

තවද Gamer.LK විසින් Mercantile Esports Championship, Inter-School Esports Championship සහ මෙතෙක් නිවේදනය නොකළ විශාල ප්‍රමාණයේ Esports තරඟාවලි දෙකක් සැලසුම් කර ඇත.  

Share this