web analytics

Gamer.LK සහ Sri Lanka Esports Association මගින් සංවිදානය කරනු ලබන Inter-School Esports Championship සඳහා මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටුව Esports සඳහා සහයෝගය දැක්වූ දෙවෙනි අවස්ථාව මෙයයි. ප්‍රථම වතාවට ඔවුන් සහයෝගය දැක්වුයේ 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහායි. එහිදී ප්‍රදර්ශනාත්මක ක්‍රීඩාවක් ලෙස Esports එක් කර තිබුණි. ජාතික ඔලිම්පික් කමිටු ලේකම් Maxwell De Silva මහතා Sri Lanka Esports Association වෙත ලිපියක් යවමින්, ශ්‍රී ලංකාව තුල Esports වර්ධනය වී ඇති ආකාරය සහ Esports ප්‍රචලිත පිළබඳ පැහැදීමක් ඇති බව සඳහන් කර ඇති අතර එපමණක් නොව 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තම පුර්ණ සහයෝගය ප්‍රකාශ කර ඇත. 2022 ආසියානු ක්‍රීඩා තරඟාවලියේදී Esports පදක්කමක් සහිත ක්‍රීඩාවක් බවට පත්වීමට නියමිතයි.

4 වන Inter-School Esports Championship මෙවර පැවැත්වෙන්නේ Inter-University Esports පැවැත්වූ ආකාරයටයි. මුලික සුදුසුකම් ලැබීමේ තරඟ සැප්තැම්බර් මස 21 සහ 22 පැවැත්වෙන අතර එයින් සුදුසුකම් ලබන පාසල් දෙකක් ඔක්තෝම්බර් මස 12 වන දින පැවැත්වෙන අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබයි. මෙවර Inter-School Esports Championship සඳහා ප්‍රධාන අනුග්‍රහය Sri Lanka Telecom මගින් ලබා දෙන අතර. Laptop සඳහා අනුග්‍රහය DELL සමාගම මගිනුත් මාධ්‍ය අනුග්‍රහය MTV/MBC මගිනුත් ලබාදෙයි.

Share this