web analytics

Read this statement in English https://gamer.lk/news/revealed-whos-behind-the-sri-lanka-esports-association-and-what-does-it-do/

ශ්‍රී ලංකා Esports වලට අලුතෙන් පැමිණි කුඩා කණ්ඩායමක් විසින් මේ වන විට SLESA හෙවත් ශ්‍රී ලංකා Esports සංගමය පිළිබඳව නොයෙකුත් කටකථාවන් හා අසත්‍ය ප්‍රකාශ පළකරමින් සිටි. සත්‍ය තොරතුරු මෙසේය:

සාරාංශය

  • SLESA යනු ශ්‍රී ලංකාවේ Esports පාලන අධිකාරියයි
  • SLESA ක්‍රියාත්මක වන්නේ සියලු සාමාජිකයන් විසින් හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් අනුමත කෙරුණු ලැබූ ව්‍යවස්ථාවකට අනුකුලවයි
  • ආරම්භක සාමාජිකයින් සිටින අතර නව සාමාජිකයින් බදවා ගැනීමේ ක්‍රියාවලියක් පවතී
  • නිලධාරීන් සෑම වසර 2කට වරක් තෝරාපත් කර ගැනේ
  • SLESA යනු ස්වාධින ක්‍රීඩා සංගමයක්. එය කාටවත් අයිති පුද්ගලික දේපලක් නොවේ. Gamer.LK යනු එහි එක් සාමාජිකයෙක් පමණයි. Gamer.LK පුද්ගලික සමාගමක් වේ.
  • නිලධාරීන් පත් වී ඇත්තේ වැඩ කිරීමට, සාමාජිකයන්ටද ඔවුන්ට තිබෙන සම අයිතීන් ඇත. එම නිලධාරීන් ශ්‍රී ලංකාවේ Esports උන්නතිය උදෙසා ස්වේච්ඡාවෙන් කිසිදු ගෙවීමකින් තොරව වැඩ කරනු ලබයි.
  • SLESA හි සියලු ගිණුම්කරන කටයුතු හා මුල්‍යමය ගනුදෙනු නිසි මුල්‍යමය විගණනය ට ලක් වන අතර සියලු සාමාජික clans වලට එහි තොරතුරු විනිවිදව ලබා දෙයි.
  • සියළුම SLESA සාමාජිකයන්ගේ ඡන්දයෙන්, Esports වලට සම්බන්ද තරඟ තහනම් නිකුත් කිරීමේ බලතල Gamer.LK සතුකරන ලදී. පණවන ලද තරඟ තහනමක් ඉවත් කර ගැනීමට හෝ සලකා බැලීමට ඉල්ලීම් කිරීම සඳහා අභියාචන ක්‍රමවේදයක් තිබෙන අතර සියලු සාමාජිකයන් ගේ අදහස් හා ඡන්දයෙන් අවසන් තීරණයට එළඹේ.
  • තරඟ තහනම් නිකුත් කිරීමට පෙර විමර්ශනයක් සිදු වේ. තිබෙන සාක්ෂි ප්‍රමාණය හා එහි අඩංගු කරුණු අනුව මේ පරීක්ෂණ සදහා දවස්, සති හෝ මාස ගණනක් ගත විය හැක.
  • මෙම සියලු තොරතුරු, ආරම්භය සිට SLESA හි සාමාජික clans වල නියෝජිතයන් සතුව තිබුණි. 
  • මින් ඉදිරියට, ශ්‍රී ලාංකීය Esports ප්‍රජාව දැනුවත් කිරීම සාමාජික clan වලින් පමණක් බලාපොරොත්තු නොවී, SLESA ඍජුව සම්බන්ධ වී ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. 

SLESA ඡන්දය හිමි සාමාජිකයින් 

ශ්‍රී ලංකා Esports සංගමයේ නිල ඡන්ද බලය සහිත සාමාජිකයින් පිළබඳ තොරතුරු මෙන්ම එහි කාර්යභාරය පිළබඳ සියලුම සත්‍ය තොරතුරු අපි මෙයින් ලබා දීමට අපේක්ෂා කරමු. 

පහත සඳහන් වී ඇත්තේ ශ්‍රී ලංකා Esports සංගමයේ නිල ඡන්ද බලය සහිත සාමජිකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් වේ. මෙම නියෝජිතයින් SLESA සාකච්ඡාවන් හා රැස්වීම් වලට සහභාගී වන අතර ඒ තුලින් මෙරට Esports ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමද, විනය තීරණ හා අනෙකුත් කටයුතු වලට එකතු වීමටද හැකියාව ලැබී ඇත. මෙම සාමාජිකයින් වනුයේ:

  • Maximum Esports (Alpha Esports) (1 vote)
    • Shihan ‘Davy’ Morais
    • Vihanga ‘Yama’ Yuwanthaka
    • Akila ‘Gadget Malli’ Fonseka
  • Noob Alliance (1 vote)
    • Navod ‘Cyanide’ Bopitiya
    • Janith ‘Spartacus’ Rajapakse
    • Indunil ‘Warlord’ Withana
    • Prageeth ‘Gerald’ Savinda
  • Phoenix GaminG (1 vote)
    • Abith ‘Leon’ Latiff
    • Safwan ‘CB’ Mansoor
    • Kasun ‘Kassa’ Withanage
    • Javeen ‘Javeen’ Tharka
  • Tech Morph (1 vote)
    • Isuru ‘Viper’ Herath
    • Fauzan Cassim
    • Dinuwan ‘Dizzy’ Fernando
    • Minuka ‘Hard Buster’ Ranaweera
  • Wolfgang Esports (1 vote)
    • Kasun ‘Athena’ Wijesekera
    • Mewan ‘Alex’ Kaushika
    • Lahiru ‘xxx’ Herath
  • Xiphos Esports (1 vote)
    • Nisal ‘Arch’ Weerakoon
    • Dulaj ‘Stronghold’ Gunawardena
    • Gayan ‘Madness’ de Silva
  • Gamer.LK (1 vote)
    • Raveen ‘Rav’ Wijayatilake
    • Vikum ‘Scooby’ Jayasekera
    • Ramesh ‘RL’ Liyanage
    • Malinda ‘Warrior’ Jayasekera

 

SLESA නිලධාරීන් 

2020-2022 සදහා නිලධාරීන් ඡන්දයෙන් පත් වීය:

නිලධාරීන් නම ඡන්දය ලබාදුන් clans
සභාපති Raveen Wijayatilake Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
ලේකම් Malinda Jayasekera Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
භාණ්ඩාගාරික Vikum Jayasekera Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
මාධ්‍යය ලේකම් Safwan Mansoor Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports
සහකාර මාධ්‍යය ලේකම් Prageeth Savinda Maximum Esports
Noob Alliance
Phoenix GaminG
Tech Morph
Wolfgang Esports
Xiphos Esports

නිතර අසන ප්‍රශ්න

 

SLESA යනු කුමක්ද? එයින් කුමක්ද සිදුවන්නේ?

SLESA හෙවත් ශ්‍රී ලංකා Esports සංගමය යනු ශ්‍රී  ලංකාව තුල Esports සඳහා තිබෙන පාලන අදිකාරය වන අතර සංගමයේ ප්‍රධාන වගකීම වනුයේ ශ්‍රී ලංකාව තුල Esports ප්‍රවර්ධනය කිරීම සහ නගාසිටුවීම තුලින් ශ්‍රී ලාංකික Esports ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ නිල Esports තරඟාවලි සදහා සහභාගී කර වීමයි. ශ්‍රී  ලංකාවේ තිබෙන clans සහ තනි Esports තරඟකරුවන් සියලු දෙනා නියෝජනය වන්නේ SLESA තුලින්ය. Clans අතර මත ගැටුම්  හෝ එකින්  එකාට චෝදනා ඉදිරිපත් වන අවස්ථාවන් හිදී මධ්‍යස්තව සිටිමින් නිර්පාක්ෂික මතය සොයමින් ගැටුම් නිරාකර්නය කිරීමේ හැකියාවද SLESA සතු වේ.

වර්තමානය වන විට, ශ්‍රී ලංකා Esports සංගමය ජාත්‍යන්තර මට්ටමේ නොයෙකුත් සංගම් වල නිල සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරයි. මේවා නම් IESF හෙවත් ජාත්‍යන්තර Esports සම්මේලනය [International Esports Federation] (ලෝකයේ පුරා Esports සදහා පිහිටුවා ඇති පාලන අධිකාරිය), ආසියානු Esports සම්මේලනය  [Asian Esports Federation] (ආසියාවේ Esports පාලනය සදහා තිබෙන පාලන අධිකාරිය), ගෝලීය Esports සම්මේලනය [Global Esports Federation] (ලෝකයේ සිටින Esports ආශ්‍රිත ක්‍රියාකාරීන්ගේ එකමුතුව).

 

මේ වන විට SLESA එක තුලින් කිරීමට හැකි වී ඇති කරුණු කිහිපයක්:

  • ශ්‍රී ලංකාව තුල Esports නිල ක්‍රීඩාවක් ලෙසට හදුනා ගැනීම 
  • ශ්‍රී ලාංකීය Esports තරඟ කරුවන් ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී කර වීම, එනම් IESF World Championship, Asian Games සහ අනිකුත් රටවල් හි ජාතික Esports සංගම් විසින් සංවිධානය කරනු ලබන තරඟාවලි.

දකුණු ආසියානු කලාපයේ රටවල අතර Esports පාලනය සහ ආකෘති සදහා මිනුම් ලකුණක් ලෙසට SLESA මේ වන විට හැදින්වේ. මෙ පිළිබිඹු කරමින් මෑත කාලිනව පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ අමතමින් ශ්‍රී ලංකාවේ Esports පාලන ව්‍යුහය සහ එහි සාර්ථකත්වය පිළිබඳව පැවසීමට පවා SLESA සභාපති Raveen Wijayatilake හට ආරාධනා ලැබී ඇත.

ඒ පිළබඳව තැබූ සටහනක් මෙහි ඇත: https://www.facebook.com/gamerlk/posts/10157522428465540

SLESA අනුගමනය කරනු ලබන නීති කුමක්ද?

SLESA සඳහා වෙන්වූ ව්‍යවස්ථාවක් සංගමය ආරම්භයේදී ස්ථාපනය වී ඇත. මෙම ව්‍යවස්ථාව තුල, සාමාජිකයින් තෝරා ගන්නේ කෙසේද, කුමණ කාලෙකට එම නිලධාරීන් පත් වන්නේද, සාමාජිකයින් සහ නිලධාරීන්ගේ වගකීම් මොනවාද යනාදිය පැහැදිලිව සටහන් කර ඇත. මෙම ව්‍යවස්ථාව Esports ශ්‍රී ලංකාව තුල නිල ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශය වෙතද ඉදිරිපත් කර ඇත .

SLESA එකට සාමාජිකයින් එකතු වෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව තුල Esports ආරම්භ වූ කාලයේ සිටි පැරණිම clans සහ Gamer.LK එකතු වීමෙන් ශ්‍රී ලංකා Esports සංගමයේ ආරම්භ විය. නව සාමාජිකයින් සංගමයට බඳවාගැනීම සදහා අයදුම් පත්‍රයක් යොමු කලයුතු අතර සංගමයේ දැනට සිටින ඡන්ද බලය හිමි සාමාජිකයින් විසින් එම අයදුම්කරු පිළිබඳව සියලු තොරතුරු මැනවින් සොයා බලා, විශ්ලේෂණය කර ඉන් අනතුරුව ඡන්දයකින් ඔවුන්ගේ සාමාජිකත්වය තීරණය වනු ඇත. මෙම ඡන්දයෙන් පසු අයදුම්කරු ඡන්ද බලය රහිත Associate members ලා ලෙසට සංගමයට නව clans එකතු කරගැනීම සිදුවේ.

නිලධාරීන් තෝරා පත් වන්නේ කෙසේද?

ව්‍යවස්ථානුකුලව වසර දෙකකට වරක් සියලුම නිලධාරීන් ඡන්දයෙන් තේරී පත්වේ. අවසන් ඡන්දය 2020 ජනවාරි 11 වන දින සිදුවිය. ඔවුන් ඉහත සදහන් SLESA සාමාජිකයින්ගේ ඡන්දයෙන් තේරී පත් වේ. ශ්‍රී ලංකා Esports සදහා ලබා දී ඇති දායකත්වය හේතුවෙන් මේ දක්වා තේරී පත්වූ සියලුම නිලධාරීන් සියලුම clan නියෝජිතයන්ගේ ඒකමතික ඡන්දයෙන් (කිසිඳු විරෝධතාවයෙන් තොරව) තේරී පත්විය.

SLESA එක හසුරවන්නේ Gamer.LK ද?

නැත. සංගමය පිහිටුවීම සහ ලංකාවේ සියලුම clans එකම පාලන වියුහයක් යටතට ගෙන ඒම සඳහා කටුයුතු කිරීම Gamer.LK වෙතින් සිදු විය. ඉන් අනතුරුව පාලන බලය clans අතරේ බෙදාදීම Gamer.LK මගින් සිදු කරන ලදී. මෙමගින් clan සමග එකතු වී විනිවිදබවයක් සහිත පාලන වියුහයක්, ranking එකක් සහ විනයක් ඇතිකිරීමට හැකියාවක් ඇති විය. මෙලෙස සකස් කරන ලද සියලුම ආකෘතියන් සහ වියුහයන් සියළුම SLESA සාමාජිකයන් විසින් අනුමත කර ඇති අතර මේ සඳහා සහභාගී වනුයේ පුර්ණ විනිවිදබාවයකින් යුතුව වේ.

ජාත්‍යන්තර තරඟාවලි සදහා පවත්වනු ලබන තේරීම් තරඟ සදහා Gamer.LK විසින් නොමිලේ තම සේවාවන් SLESA වෙත clans වල සහයෙන් ලබා දෙයි. මෙම තේරීම් සියල්ල සම්පුර්ණ විනිවිද භාවයෙන් සිදු කරනු ලබන අතර සියලු clans වලට එයට සහභාගී වීමට අවකාශ ලබා දෙයි.

SLESA සහ Gamer.LK අතර වෙනස කුමක්ද?

SLESA යනු එහි සාමාජිකයන් මගින් කටයුතු කරගෙන යනු ලබන ස්වාධින සංගමයකි. Gamer.LK හට SLESA හි තනි අයිතිය හිමි නොවේ, එපමණක් නොව ශ්‍රී ලංකාව තුල සිටින කිසිදු clan එකකටද SLESA හි තනි අයිතිකාරීත්වය හිම් නොවේ. SLESA තුල ගන්න තීරණ, නීති රෙගුලාසි සහ මුල්‍යම ගනුදෙනු සියලුම සාමාජිකයින්ට හට දැකගත හැකි පරිදි පුර්ණ විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කර ඇත.

Gamer.LK යනු ශ්‍රී ලංකාව තුල සහ දකුණු ආසියාව තුල Esports ප්‍රවර්ධනය සහ දියුණු කිරීම සඳහා කටයුතු කරනු ලබන පෞද්ගලික ආයතනයකි. Gamer.LK මගින් ශ්‍රී ලංකික සහ අන්තර්ජාතික ක්‍රීඩකයන් සඳහා තරඟාවලි සංවිධානය කිරීම සිදු කරනු ලබයි.

සභාපති සහ ලේකම් වැනි නිලධාරීන් හට අනෙකුත් සාමාජිකයන්ට වඩා විශේෂ ඡන්ද බලයක් හිමිවනවද?

නැත. සියලුම නිල ඡන්ද බලය හිමි සාමාජිකයින් හට හිමිවන්නේ එක් ඡන්දයක් පමණි. නිලධාරීන් පත් කරගනු ලබන්නේ හුදෙක් SLESA හි වැඩ කටයුතු කරගෙන යාම සඳහා පමණි. මෙම වැඩ කටයුතු සඳහා උදාහරණ ලෙස, SLESA වලට අදාල ලියකියවිලි සකස් කිරීම, ජාත්‍යන්තර සංගම් සමග කටයුතු කිරීම, ක්‍රීඩා අමාත්‍යංශය සමග කටයුතු කිරීම සහ මුල්‍ය විගණන කටයුතු දැක්විය හැක.

නිලධාරීන් සඳහා ගෙවීමක් සිදුවනවාද?

නැත. පත්කරන ලද නිලධාරීන් මෙලෙස ස්වේච්ඡාවෙන් තනතුරු වල කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ Esports උන්නතිය උදෙසා Esports ක්‍රීඩාවක් ලෙසට ඉදිරියට ගෙනයාමේ අරමුණ තමන් හට ඇති බැවිනි. කිසිඳු ගෙවීමක් සිදු නොකරන අතර, නිතරම නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික වියදමින් සංගමයට අදාලවන කටයුතු සිදු කරන අතර එම වියදම් SLESA හට පැනවවීම සිදු නොවේ.

SLESA වල මුල්‍යමය කටයුතු හසුරවන්නේ කවුද?

මුදල් තත්ත්වය SLESA නිලධාරීන් විසින් හසුරවන අතර මෙහි විනිවිදභාවය සෑමවිටකම නියෝජිත clan සඳහා විවෘත වේ. තවද, ක්‍රීඩා අමාත්‍යංශය සඳහා අවශ්‍ය මුල්‍යමය විගණනයක් මෑතකදී SLESA නිලධාරීන් විසින් අවසන් කරන ලදී.

SLESA විනය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද?

සියළුම SLESA සාමාජිකයන්ගේ ඡන්දයෙන්, Esports වලට සම්බන්ද තරඟ තහනම් නිකුත් කිරීමේ බලතල Gamer.LK සතුකරන ලදී. Gamer.LK සතු වසර 13ක Esports පළපුරුද්ද, අපක්ෂපාතී ලෙස ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහ ජාත්‍යන්තර සම්මතයන්ට අනුව දැඩි ප්‍රතිපත්ති හා නීති මාලාවන් අනුගමනය කිරීම මේ සඳහා ප්‍රධාන හේතු විය. තවද, පණවන ලද තරඟ තහනමක් ඉවත් කර ගැනීමට හෝ සලකා බැලීමට ඉල්ලීම් කිරීම සඳහා අභියාචන ක්‍රමවේදයක් සකස් කරන ලද අතර මෙමගින් ඕනෑම Esports ක්‍රීඩකයකුට තමන් ලද තරඟ තහනමක් අභියෝග කිරීමට අවස්ථාවක් සලසා දී ඇත. මෙම ක්‍රියාපටිපාටිය තම clan සාමාජිකයන් හට දැනුවත් කිරීම SLESA සාමාජික clans සතු වගකීමක් වේ.

වරදකරුවන් හට දඩුවම් ලබාදීමට SLESA ගන්නා ක්‍රියාමාර්ග මොනවද?

මෙරට Esports තරගාවලි ආශ්‍රිතව නොයෙකුත් චෝදනා හා පැමිණිලි Esports සදහා තිබෙන පාලන බලදාරියා වන SLESA වෙත නිරන්තරයෙන් යොමුවේ. වංචාකාරීව හෝ නීතිවිරෝධී ලෙස තරඟ වැදුණු එනම් draws වෙනස් කිරීම හෝ account share කිරීමේ චෝදනා SLESA තුල සිටින සියලුම ඡන්ද බලය හිමි සාමාජිකයින් වෙත මේ වන විට එක් වරක් හෝ එල්ල වී තිබේ. Clan එකක් හෝ තරගකරුවෙකු ට විරුද්ධව චෝදනාවක් ඉදිරපත් වූ විට, ස්ථිර සාක්ෂි ලැබෙන තෙක් ඔවුන් ආරක්ෂා කිරීම SLESA සතු වගකීමක් වේ. නිසි සාක්ෂි ලැබුණු විට Gamer.LK විසින් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරයි. තිබෙන සාක්ෂි ප්‍රමාණය හා එහි අඩංගු කරුණු අනුව මේ පරීක්ෂණ සදහා දවස්, සති හෝ මාස ගණනක් ගත විය හැක. 

මේ තුලින්, අසත්‍ය චෝදනා වලින් Esports තරඟකරුවන් හා clans අරකෂා වේ. මෙම ක්‍රමවේද අන්තර්ජාතික මට්ටමේ Esports සංවිධාන හා අනිකුත් රටවල් හි තිබෙන Esports සංගම් උපයෝගී කරගන්නා ක්‍රමවේද හා ප්‍රතිපත්ති වේ.

විනය ක්‍රියාමාර්ග සදහා අවසාන තීරණය Gamer.LK සතු ද?

නැත. තරඟ තහනම් සහ විනය ක්‍රියාමාර්ග පිළබඳ තීරණ ගැනීමේදී සියලුම චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සඳහා ඉතා පැහැදිලි අභියාචනා ක්‍රමවේදයක් ඇති අතර, අවසානයේදී  SLESA තුල සිටින නිල ඡන්ද බලය හිමි සාමාජිකයන්ගේ ඡන්දයෙන් අවසන් තීරණය ගනු ලබයි.

Ranking system එක කියන්නේ මොකද්ද?

මෙරට Esports සදහා ජාතික Esports Ranking system එකක් Gamer.LK විසින් සම්පාදනය කර එය සියලු clans වල සහය සමග ක්‍රියාත්මක වන්නේ සියලුම සාමාජිකයන්ගේ දායකත්වයෙන් වන අතර ඔවුන් විසින් ලබාදෙන සියලු ප්‍රතිචාර හා නිර්දේශ එම system එක වැඩිදිවුනු කිරීමට එකතු කරගැනේ. ශ්‍රී ලංකාව තුල සිටින සියලුම clans මෙම Ranking system එක සකස් කිරීම සඳහා තමන්ගේ වටිනා කාලය වැය කර ඇති අතර, මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ  ශ්‍රී ලංකාව තුල සිටින සියලුම Esports තරඟකරුවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමයි.

ජාතික Esports Ranking system එකට අනුකුලව තරඟාවලියක් සංවිධානය කල හැක්කේ කාටද?

ඕනෑම කෙනෙකුට ranking system එකට අනුකුලව Esports තරඟාවලියක් සංවිධානය කල හැක. SLESA එක මගින් තරඟාවලියක් ranked event ලෙසට හැදින් වීම සදහා තිබිය යුතු අවම සුදුසු කම් නිර්දේශ කර ඇති අතර යම්කිසි තරඟාවලියක් ranked event එකක් ලෙසට හැදින් වීමට පෙර මෙම සියලු කොන්දේසි සපුරා තිබිය යුතුය. ඉන් අනතුරුව, SLESA තුල සිටින නිල ඡන්ද බලය හිමි සාමාජිකයන්ගේ ඡන්දයෙන් එම තරඟාවලිය ranking system එකට අනුකුලව හැදින්විය හැකි ranked tournament එකක් ලෙසට අවසන් තීරණය ගනු ලබයි.

මා සතුව ඇති පැමිණිල්ලක් SLESA වෙත ගෙන යාමට අවශ්‍ය කර තිබේ, මේ සඳහා මා කලයුතු දේ කුමක්ද? 

ඔබ සතු තොරතුරු [email protected] වෙත e-mail පණිවිඩයක් යොමු කිරීමෙන් පහසුවෙන්ම SLESA සමග සම්බන්ද විය හැක. තවද, ඔබට පහසු සහ කැමතිනම් සාමාජික clan එකක් මගින් චෝදනාවන් හෝ පැමිණිලි SLESA වෙත සම්බන්ද කල හැක. මෙලෙස clans වෙත යොමුවන පැමිණිලි ඔවුන් විසින් SLESA වෙත යොමුකිරීම සිදුවේ.

මේ පිළිබඳව මීට පෙර අපිව දැනුවත් කිරීමට නොහැකිවුනේ ඇයි?

පසුගිය සතියේ අසත්‍ය තොරතුරු පැතිර යාමෙන් නිගමනය වුනේ SLESA සැමවිටම සාමාජික clans වලට සිදුකරන සියලුම කටයුතු විනිවිදබාවයකින් සිදිකලද, ශ්‍රී ලාංකීය Esports ප්‍රජාව හට තමන් අදාල වන clan එකේ නියෝජිතයන් විසින් ඒවා දැනුවත් කිරීමට අපොහොසත් වූ බවයි. මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීම සාමාජික clan වලින් පමණක් තනිව බලාපොරොත්තු නොවී, සමුහයක් ලෙස SLESA විසින්ම ඔබ දැනුවත් කිරීම සඳහා ගන්නා පියවර ඉදිරි කාලයේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ.

තවත් Sri Lanka Esports Association සම්බන්ධ වැඩි විස්තර සඳහා http://esports.lk වෙත පිවිසෙන්න.

Share this