web analytics
Dual Screen Laptop රජු  – ROG Zephyrus Duo

Dual Screen Laptop රජු – ROG Zephyrus Duo

Asus සමාගමෙන් මේ වන විට ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල ද්විත්ව තිර අත්හදා බලමින් සිටී. ද්විත්ව තිරයක් සමඟ අත්හදා බැලීම් Asus Zenbook Duo and Pro Duo සමඟ දැකිය හැකි අතර, දැන් එහි gaming variant එකක් ලෙස ROG Zephyrus Duo ඔබට දැක ගත හැක. මෙය gaming සඳහා නිර්මාණය කරපු සුපිරි laptop එකකි.

Specifications
අපට ලැබුණු ROG Zephyrus Duo unit එකේ Intel Core i9-10980HK CPU එකක්, NVIDIA GeForce RTX 2080 SUPER gaphics සහ 32GB RAM 48GB දක්වා ඉහළ නැංවිය හැකිය
Processor – Intel Core i9-10980HK
Screen Size – 15.6 inches @ 60hz (touch)
Display Resolution – 3840 x 2160
Graphics Processor – Nvidia GeForce RTX 2080 Super (Max-Q)
RAM – 32 GB DDR4 3200MHz
Storage – 1TB NVMe SSD

මෙහි තව variant එකක් ලෙස 300Hz refresh rate එකක් සහිත full HD 1920×1080 display එකක් එක්ක එන model එකක් ඇත. ඔබ content creator කෙනෙකු හෝ competitive esports player කෙනෙකු නම්, ඔබේ අවශ්‍යතාවයට වඩාත් සුදුසු කුමන model එකද යන්න තීරණය කළ හැකිය.

Dual screens
මේ device එකේ කැපී පෙනෙන feature එක වෙන්නේ මේ dual screen feature එකයි – එය Screenpad Plus ලෙස හැඳින්වේ. ඔබ මෙය විවෘත කරන විට දෙවන screen එක උඩට මතු වන ආකාරය දැකගත හැකි වේ. පෙර මෙම dual screen ක්‍රියාවට නැංවීමේදී keyboard එක සමඟ තිරය එක්ව ඇති අතර එමඟින් හොඳ viewing angle ලබා ගැනීම සඳහා ලැප්ටොප් පරිගණකය දෙස අවදානයෙන් බැලීමට අවශ්‍ය විය. Zephyrus Duo මගින් හදුන්වා දී ඇති මේ ක්‍රමවේදය වඩාත් හොඳ viewing angle experience එකක් ලබා දේ. මෙම secondary screen එක touch screen එකක් වීම තවත් එක් සුවිශේෂයකි, එමඟින් gaming වලට වගේම content creation වලටත් මෙය වඩාත් ප්‍රයෝජනය වේ.

Laptop design
ඉතාමත් හොඳ premium quality එකකින් එන මෙම Zephyrus Duo laptop එක metal finish එකකින් සාදා ඇත. laptop එකේ පතුල එහෙම නැතහොත් base එක plastic base එකක් වීම නිසා cooling පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවේ. රාත්තල් 5.3ක බරකින් යුක්ත මෙම laptop එක ඉතාමත් ශක්තිමත්ව නිපදවා ඇත.
මෙම laptop එකේ I/O ports ගැන කතා කරොත් කිසිදු අඩුපාඩුවක් නොමැත කිවහොත් නිවැරදියි. USB A, C සහ Thunderbolt port එකක්ද ඇතුලත් වේ.

I/O
2 x USB 3.2 Gen 1 Type A
USB 3.2 Gen 2 Type c with displayport 1.4 thunderbolt 3
3.5mm mic-in
3.5mm mic-in/headphone-out
Ethernet port
USB 3.2 Gen 2 Type A
HDMI 2.0B

Cooling
මෙම laptop එක විශේෂයෙන්ම content creators ලා සහ gamers ලා ඉලක්ක කර ඇති හෙයින් cooling සදහා වැඩි ප්‍රමුඛතාවයක් දක්වා ඇත. අපි කලින් කතාකරපු දෙවැනි screen එක ඉස්සෙනවත් සමග base එකත් සමග ඇතිවන gap එක මගින් හොඳ airflow එකක් ලබාගැනීමට මෙම laptop එකට පුළුවන්.

GLK one-finger open test – pass

මෙම laptop එක සුදුසු කා සඳහාද?
Asus සමාගමේ නවෝත්පාදන ක්‍රියාවේ නවතම නිෂ්පාදනයක් ලෙසට ROG Zephyrus Duo laptop පරිගණයක හදුන්වා දිය හැක. එය සියලු දෙනා හට laptop පරිගණයකින් බලාපොරොත්තු විය හැකි උසස්ම ක්‍රියාකාරිත්වය, අගනා නිර්මාණශිලිත්වය හා විශේෂ උපාංග සහිත වේ. ඔබ මෙය ශ්‍රී ලංකාවේ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් එහි මිල රු. 850,000ක් පමණ වේ. මෙම laptop පරිගණකයේ ක්‍රියාකාරිත්වය හා එයින් ඔබට ප්‍රයෝජනයක් ගතහැකි නම්, Asus Sri Lanka සමාගම අමතා එය ඇනවුම් කල යුතුයි. ඔබ එසේ ROG Zephyrus Duo laptop පරිගණයක සාඩම්බර හිමිකරුවෙක් වුව හොත් ඔබ laptop පරිගණක ඉතිහාසයේ කොටස්කරුවෙක් වන බවට නොඅනුමානයි.

Full review එක පහතින් බලන්න: