web analytics
අප්‍රේල් මාසය සඳහා Twitch විශ්ලේෂණය

අප්‍රේල් මාසය සඳහා Twitch විශ්ලේෂණය

අප්‍රේල් මාසය අවසාන වීමත් සමග Twitch ඔස්සේ සජීවී විකාශය වුනු සියලුම පරිගණක ක්‍රීඩා පිලිබඳ විශ්ලේෂණයක් නිකුත් වී ඇත.මෙහිදී Twitch.tv ඔස්සේ වැඩිම පරිසක් නැරඹු පරිගණක ක්‍රීඩා පිලිබඳ සහ කොපමණ පිරිසක් එය නැරඹුවාද යන විස්තරත්, කලින් වැඩියෙන්ම නැරඹු පරිගණක ක්‍රීඩා නව වර්ගීකරණයේ කිනම් ස්ථානයක් හිමි කරගෙන සිටිනවාද යන්න පිළිබඳවත් පැහැදිලි දත්ත ඉදිරිපත් කර ඇත.

වසරේ විශාලතම Dota 2 තරඟාවලියේ Battle Pass එක ජනතාව අතරට.

වසරේ විශාලතම Dota 2 තරඟාවලියේ Battle Pass එක ජනතාව අතරට.

මේ වන විට වසරේ විශාලතම Dota 2 තරඟාවලියේ Battle Pass එක ජනතාවට මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබෙනවා, මෙහි මුලික අරමුණ වන්නේ තරඟාවලියේ ත්‍යාග මුදල් සඳහා මුදල් එක රස රැස් කරගැනීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Esports TV විකාශයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Esports TV විකාශයක්

Gamer.LK  සමග Maharaja Television (MTV) සහ Maharaja Broadcasting Corporation (MBC) එකතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට Esports රුපවාහිණිය වෙත ගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත. මෙම රූපවාහිණි විකාශය ජුනි මාසයේ පැවැත්වෙන Inter-University Esports Championship තරඟාවලියෙන් ආරම්භ වන අතර අවුරුද්ද පුරා විහිදුන විවිධ වූ Esports තරඟාවලි විකාශය කරනු ඇත.

Esports සහ Digital විනෝදාංශයන් හි ප්‍රමුඛ සන්නාමය වන Gamer.LK සමග ශ්‍රී ලංකාවේ විශාලතම රුපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සතු, සම්ප්‍රධායික මාධ්‍ය ක්ෂේත්‍රය අද්විතීය නාමය හා පළපුරුද්ද සහිත MTV/MBC මාධ්‍ය ජාලය තුලින් මේ වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ජනප්‍රිය වන ක්‍රීඩාව වන Esports විකාශනය කිරීමට නියමිතය. Inter-University Esports Championship මෙතෙක් වැඩිම තරුණ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් නැරඹු තරඟාවලිය වීමේ සලකුණු පෙන්නුම් කර ඇත.

Inter-University Esports තරඟාවලිය ජුනි 1හා 2 දෙදින පුරා Stein Studios හිදී පැවැත්වෙන අතර මේ සඳහා විශ්වවිද්‍යාල 40 වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇත. මෙහිදී හොඳම දක්ෂතාවයන් පෙන්නුම් කරන විශ්වවිද්‍යාල දෙක ජුනි 15 වන දින පැවැත්වෙන අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් Gamer.LK ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා පවසා සිටියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත මෙම අත්දැකීම ගෙන ඒමට හැකි වීම සහ MTV/MBC මාධ්‍ය ආයතන Esports තුල ඇති වටිනාකම හඳුනා ගැනීම පිළිබඳව ඔවුන් බෙහෙවින් සතුටු වන බවය. තව දුරටත් ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙතට සාම්ප්‍රධායික හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ Esports ගෙන ඒම මගින් ඔවුන්ගේ අරමුණ වන Esports රට තුල ව්‍යාප්ත කරීම ඉටු කර ගත හැකි වන බවය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලය වශයෙන් අප Esports සහ Mobile ක්‍රීඩා වල ඇතිවූ දියුණුව හඳුනා ගැනීමට සමත්ව ඇත. මේ ඇතිවී ඇති දියුණුවත් සමග Gamer.LK  සමග එකතුව Esports ලෝකය තුලට ඇතුල් වී එහි දියුණුව සඳහා උදවු කිරීමට අපට හැකියාව ලැබී ඇත. අප සෑමවිටම අනාගතය ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම නිසා අප මේ Gamer.LK  සමග ඇතිකරගත් සහයෝගීතාවයත් සමග Esports අපගේ ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිත කිරීමේ හැකියාව අනිවාර්යෙන් ලැබෙනු ඇත.” – නීඩ්‍රා වීරසිංහ – අධ්‍යක්ෂ Electronic Media Business MTV/MBC

සම්ප්‍රධායික හා විද්‍යුත් මාධ්‍ය ආවරණය තුලින් සාමාන්‍යයෙන් ලඟාවීමට අපහසු තරුණ තරුණියන් වෙත ලඟාවීමට වෙළඳ නාමයන් වලට අවස්ථාවක් උදා වී ඇත, ලෝකයේ අවු 18 – 35 අතර ප්‍රේක්ෂකයන් පරිගණක ක්‍රීඩා නැරඹීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන අතර මෙය දැන් ශ්‍රී ලංකාව තුලදීද දැකගත හැක.

තවද Gamer.LK විසින් Mercantile Esports Championship, Inter-School Esports Championship සහ මෙතෙක් නිවේදනය නොකළ විශාල ප්‍රමාණයේ Esports තරඟාවලි දෙකක් සැලසුම් කර ඇත.  

වසර 2023 වනවිට චීනයේ පරිගණක ක්‍රීඩකයන් ගණන මිලියන 878 දක්වා ඉහළට.

වසර 2023 වනවිට චීනයේ පරිගණක ක්‍රීඩකයන් ගණන මිලියන 878 දක්වා ඉහළට.

වසර 2023 වනවිට චීනයේ පරිගණක ක්‍රීඩකයන් ගණන මිලියන 878 දක්වා ඉහළට.

චීනය මේ වන විට ලෝකයේ විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙඳපළ බවට පත් වී ඇත. ඔවුන් මේ වන විට පරගණක ක්‍රීඩා ආදායමෙන් සහ වැඩිම ක්‍රීඩකයන් ගණනක්ද ඇති රට වේ.

පෝලන්ත ජනාධිපතිගෙන් Esports සඳහා සහය.

පෝලන්ත ජනාධිපතිගෙන් Esports සඳහා සහය.

පෝලන්ත ජනාධිපති Andrzej Duda පසුගිය දිනක E පාපන්දු ලෝක කුසලානය සඳහා පෝලන්තය නියෝජනය කරන තරඟ කරුවන් හදුන්වා දීමේ උත්සවයකදී Esports කිසිදු සැකයකින් තොරව ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැකි බව පවසා ඇත.

අධ්‍යාපනය Esports හැඩ කරන අයුරු

අධ්‍යාපනය Esports හැඩ කරන අයුරු

Esports මේ වන විට සීග්‍රයෙන් ව්‍යාප්ත සහ ජනප්‍රිය වෙමින් පවතී. මේ මෙසේ ජනප්‍රිය වීමට හේතුවක් නම් තරුණ ජනගහනය මේ පිලිබඳ ඇති උනන්දුවයි.
වාර්තා වලට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැනි මුදලක ශිෂ්‍යත්ව Esports ක්‍රීඩකයන් හට ප්‍රධානය කර ඇත.