web analytics

ලංකාවේ leading PUBG Mobile team එකක් වන Team FRag එකේ අලුත්ම news වගයක්  ගැන කතා කරන්න අපි එගොල්ලොගෙන් පොඩි ප්‍රශ්ණ වගයක් ඇහුව.

කොහොමද ඉස්සෙල්ලම team එක හැදුනේ? කවුද team එකට leadership එක දුන්නේ?

අපේ team එක හැදුනේ මෙහෙමයි. අපි ඔක්කොම ඉස්කෝලේ යාලුවෝ! “අඩෝ මචං PUBG Mobile කියල game එකක් තියෙනවා! අපි ගහමු” කියල තමයි මේ ඔක්කොම පටන්ගත්තේ. Mohammed Riham නැත්නම් FRagTauter තමයි clan එක හදලා අපිව serious විදියට PUBG play කරන්න සැලස්වුවේ. එයා තමයි clan එකේ leader. 2012 clan එක හදපු දවසේ ඉඳලා අද වෙනකන් කට්ටියම එකට එකතු වෙලා තමයි මේ ගමන අවේ. අනිත් teams වලට වගේ අපිටත් ප්‍රශ්ණ තිබුනා, පොඩි පොඩි රන්ඩු උනා, එත් ඔක්කොටම තිබුනේ එකම අරමුණක්. ඒ තමයි ලංකාව නම PUBG Mobile වල ලෝකයේ උඩටම අරගෙන යන්න. දැනට අපේ ප්‍රදානම අරමුණ world ranking වල top 10 වලට කොහොම හරි එන එක. මෙච්චර දුරක් එන්න හම්බුනේ අපේ clan එකේ leader නිසා. Elite විදියට play කරන්න, ඒවගේම Sri Lankan PUBG Mobile community එක dominate කරලා ‘Kings of Pochinki’ title එක ගන්න අපේ leader සැහෙන්න උදවු කරා.

FRags කණ්ඩායමේ සාමාජිකයන් කීදෙනෙක් ඉන්නවද? කවුද ඔයාලගේ දක්ෂතම සාමාජිකයන් ? 

අපේ FRags clan එක closed clan එකක් . අපි හුගක්ම හිතන්නේ අපේ සාමාජිකයන්ගේ  දක්ෂතාවයන් වැඩි දියුණු කරන එක ගැන, සාමාජිකයන් ගණන වැඩි කරන එකට වඩා. ඉතින් අපේ FRags team එකේ ඉන්නවා සාමාජිකයන් 17. අපිට ප්‍රධාන වශයෙන්ම, තරගාවලි වලට සහභාගී වෙන කණ්ඩායම් දෙකක් තියෙනවා. අපේ  ප්‍රධානතම කණ්ඩායමේ ඉන්නෙ FRagTauter, FRagPunisher, FRagWalken සහ FRagMinator කියන කට්ටිය. අපිට ලැබුණු ජයග්‍රහන එයාලාගේ කැපකිරිම් ප්‍රථිපල තමයි. 

දැනට ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවද? ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන්ද?

ඉස්සෙල්ලම අපි ජයග්‍රහණය කරපු tournament එකෙන් තමයි අපිව community එකේ ගොඩක් කට්ටිය දැනගත්තේ. ඊටපස්සේ අපි ගොඩක් inter-clan tournaments play කරලා දිනුවා. ලංකාවේ tournaments වලට අමතරව අපි ගොඩක් international tournaments සහ scrim වලට සහභාගි වෙලා තියෙනවා.

කවදාද Phoenix GaminG එකට join උනේ? Join වෙන්න හේතුව මොකක්ද?

අනිත් teams අතරින් highlight උන නිසා Phoenix GaminG අපිට කතා කරා join වෙන්න කියලා. අපිත් ගොඩක් සතුටු උනා අපිට අපු request එකට. මේක අපේ අරමුණු සපුරාලන්න හොඳ අවස්ථාවක් නිසා ලංකාවේ top organisation එකක් වන Phoenix GaminG එකට join උනේ ලංකාවේ ඉන්න ඉහල පෙලේ ක්‍රීඩකයන්ගේ දැනුම අරගෙන ඉස්සරහට යන්න

Phoenix GaminG එකෙන් අයින් වෙන්න මොකක්ද හේතුව?

අපිට Phoenix GaminG එකෙන් අයින් වෙන්න හේතු කිහිපයක්ම තිබ්බා. 2019 June වල තමයි අපි Phoenix GaminG clan එකට join උනේ. එදා ඉඳලා අපි බලාපොරොත්තු උන පිළිගැනීම සහ උදවු Phoenix GaminG එකෙන් අපිට ලැබුනේ නැහැ. ඉතාමත් වේගයෙන් ඉහලට යන game එකක් තමයි PUBG Mobile කියන්නේ. ඒක නිසා ගොඩක් international tournaments තිබුනා අපිට play කරන්න ඕන උන එත් ඒවාට සහභාගි වෙන්න අවශ්‍ය උපදේශකත්වය අපි බලාපොරොත්තු උන විදියට Phoenix GaminG එකෙන් ලැබුනේ නැහැ.

අපිට Phoenix GaminG join උන දවසේ ඉඳල අද වෙනකන් ප්‍රශ්න වගයක් තිබුන. ඒවා නම්;

  1. අපිම මහන්සි වෙලා තමයි අපි අපේ දක්ෂතාවයන් වර්ධනය කරගත්තේ.
  2. අපිම international teams වල contacts හොයාගෙන Elite custom rooms play කරන්න අවස්ථාව අපිම හදාගත්තා.
  3. Inter-clan පුහුණු තරග එහෙම තිබුනේ නැහැ අපිට අපේ tactics හදාගෙන team එකේ teamwork හදාගන්න.
  4. අපිට ඕනේ උනේ PUBG වල ලංකාවේ ඉහලටම එන්න
  5. International room වල posters එහෙම Phoenix GaminG WhatsApp එකේ දාලත් admin ල කිසිම කෙනෙක් ඒවා ගනන් ගත්තේ වත් නැහැ.

මේ දේවල් නිසා අපි Phoenix GaminG එකෙන් අයින් වෙන්න තීරණය කරා.

ඔයගොල්ලොන් Noob Alliance එකට join වෙන්න හේතුව මොකක්ද? මොනවද Noob Alliance එකත් එක්ක ඉස්සරහට තියෙන plans?

අපි Phoenix GaminG එකෙන් අයින් උනත් අපිට තේරුනා අපිට හොඳට organised වුන clan එකක support එක නැතුව අපේ goals වලට යන්න අමාරුයි කියල. අපිට හොඳ connection එකක් තිබුනා Noob Alliance එකත් එක්ක. අපේ progress එක ගැන එහෙම ගොඩක් වෙලාවට කතා කරා ඒක නිසා අපිට තිබ්බ ප්‍රශ්ණ ටික කියලා බොරු පොරොන්දු නැතුව Noob Alliance එකට කරන්න පුළුවන් දේවල් ඔක්කොම අපිත් එක්ක කතා කරලා අපිව clan එකක member කෙනෙක් කරගන්නවාට වැඩිය යමක් එකතු කරමින් අලුත් family එකකට අපි join උනා වගේ අපිව පිළිගත්තා. Noob Alliance එකත් එක්ක එකතු වෙලා PUBG Mobile title එක ලංකාවේ ranked title එකක් කරගන්න තමයි අපේ ලොකුම goal එක. එකත් එක්කම අපේ international යන හීනයත් සැබෑකරගන්න. සරලවම කිවුවොත් Noob Alliance එකේ සහ අපේ දෙගොල්ලොන්ගේම goals දැන් එකයි. Team Frag එකේ අපි Noob Alliance එකට කීර්තිය සහ අභිමානය ගෙන්න ලෑස්තියි! #nAPride #nAFamily

ඔයගොල්ලෝ හිතන විදියට ලංකාව දකුණු ආසියාවේ මොනවගේ තැනකද ඉන්නේ?

ශ්‍රී ලංකාව ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා ඕනෙම game එකක. අපි දැකල තියෙනවා ලංකාවේ teams කරපු දේවල් සහ දක්ෂතාවයන් පෙන්නපු විදිය මීට කලින්. ඉතින් අපි හිතනවා අපිට හොඳ පිළිගැනීමක් සහ සහයෝගයක් ලැබුනොත් ලංකාවට අභිමානයක් ගෙනල්ල දෙන්න පුළුවන් වෙයි කියල.

ලංකාවේ අලුතෙන් PUBG Mobile පටන්ගන්න කෙනෙක්ට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

PUBG වලින් international යන්න බලන් සෙල්ලම් කරන්න මොකද අපිට එහෙම හිතාගෙන PUBG Mobile play කරන ඉතා සීමිත පිරිසක් ඉන්නේ. අපිට ඉතා හොඳින් කියන්න පුළුවන් FRag team එක එකවිදියටම හැමදාම practice කරලා අනිත් අයගෙන් දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

අපේ leader අපිව motivate කරන්න කියනවා වගේ “boys, අපි Global යන්නේ නැද්ද?”

Share this