web analytics

තරඟ 5කින් සමන්විතවුනු Mobile Legends අවසන් මහා තරඟය ඉතා පහසුවෙන් nA Angry Apes කණ්ඩායම පරදවා ජය අත්කරගැනීමට nA Lost Boys කණ්ඩායමට හැකිවිය. Phoenix GaminG සිට Noob Alliance වෙත පැමිණි Lost Boys කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග පිටපිටම තරඟාවලි තුනක ජයග්‍රාහකයන් වීම සුවිශේෂ කරුණක්. මීට පෙර ඔවුනට Samsung Mobile League සහ Gamerfest’19 තරඟාවලි සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට හැකිවිය. තවද සමස්ථ ලංකා ශේනිගතකිරීම් වල හතර වන ස්ථානයට සිටින තවත් Noob Alliance කණ්ඩායමක් වන Angry Apes දෙවන ස්ථානය ලබාගත් අතර ඔවුන් අවසන් පුර්ව තරඟයේ දී පරාජය කල Wolfgang සාමාජික IDK Gaming තෙවන ස්ථානය ලබාගැනීමට හැකිවිය.

ප්‍රථම ස්ථානය : nA Lost Boys
– Sahiru Galappaththi
– Akila ‘JAVA’ Jagoda
– Lakshan ‘Weediya Bandara’ Eranga
– Iruka ‘ZYANIDE’ Anuruddha
– Charuka ‘HATE MACHINE’ Wettasinghe
– Yasara Samarathunga
– Kleo ‘KLEOPXTRX” Leporcher

දෙවන ස්ථානය : nA Angry Apes
– Sandun ‘T[N]C’ Senarathne
– Gimhani ‘TIANA’ Thashmila
– Tishan ‘THE BLACK CAT’ Dhanuja
– Chamod ‘Shoon’ Peries
– Imal Thiranga
– Gehan ‘Wairus’ Panduka

තෙවන ස්ථානය : WG IDK GAMING
– Kivindu ‘Kivi’ Mahawatta
– Shehan ‘Polkura’ Reshin
– Kirul Prabhashwara
– Tharindu ‘Uchihathari’ Sadaruwan
– Vikum ‘Ast3r’ Udeshan
– Deneth ‘Darc’ Pathirage

මෙම තරඟ ඉසව්වේ ස්ථාන දෙකත් සමග සමස්ථ තරඟාවලි සටහනේ තව තවත් ඉදිරියට යාමට Noob Alliance clan එකට හැකිවී ඇත. මෙම තරඟාවලියේ තවත් උණුසුම් තොරතුරු දැනගැනීමට Gamer.LK සමග රැඳී සිටින්න.

මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහය Samsung සහ MSI Gaming වෙතින්.

Share this